කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ  මේජර් ජනරාල් සුමේධ පෙරේරා වෙනුවට එම්.බී.ආර්. පුෂ්පකුමාර එම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්කර ඇත. 

ඒ අතර බතික්, අත්යන්ත්‍ර  රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති පත්කර ඇත. 
 
නව ලේකම්වරුන් දෙදෙනා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අතින් පත්වීම් ලිපි භාර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසිය.
 
නව අමාත්යාංශ ලේකම්වරු දෙදෙනෙක් jpg 
 
 ඇත්ත කියන්නේ කව්ද ?
 
 
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්කමින් සුමේධ පෙරේරා ඉවත්වූ බවට පසුගියදා මාධ්‍ය වාර්තා පලවීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ, ලේකම්වරයාගේ සෙමින් ගමන අමාත්‍යාංශයේ වේගවත් ගමනට නොගැලපෙන බවය.
 
 ඇමතිවරයාගේ එම අදහස් දැක්වීම්වලින් පසු ඊට ප්‍රතිචාර වශයෙන් සුමේධ පෙරේරා කියා සිටියේ, ඔහුගේ ඉල්ලා අස්වීම වෙනත් කාරණා මත සිදුවන්නක් බවත්, එම තනතුරෙන් මුදා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඔහු ඉල්ලීමක් කර ඇති බවත්ය.
 
මෙහිදී ඇත්ත කියන්නේ මහින්දානන්ද ඇමතිවරයාද නැතහොත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාද යන්න පැහැදිලි නැතත්, ජනාධිපතිවරයාගේ අති සමීපයෙක් වන සුමේධ පෙරේරා සම්බන්ධයෙන් හේතු රහිතව මහින්දානන්ද ඇමතිවරයා එවැන්නක් කියනු ඇතැයි සිතිය නොහැකිය.
 
 මන්ද සුමේධ පෙරේරා යනු ජනාධිපතිගේ සමීපතම විශ්වාසවන්තයකු ලෙස සැලකේ. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්කමට පත්කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් කාර්යසාධක බලකා කිහිපයකම සාමාජිකයකු ලෙස ඔහුව පත්කර තිබිණ.
 
 

 
 
 

500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...

 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්