මේවනවිට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ෆේල් වී ඇතත්, මොළයක් නැති විපක්ෂයකින් රටට වැඩක් නැතැයි
ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
ආණ්ඩුව ෆේල් වූ පමණින් පුරවැසියා විපක්ෂය බාර ගැනීමට සුදානම් නැතැයි ද ඔහු පෙන්වාදෙයි. එහෙයින් තාර්කික විසඳුමක් සොයා ගැනීම විපක්ෂයේ වගකීම බවද ඔහු කියා සිටියි.
ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත්කළ සිස්ටම් චේන්ජ් කතාවට දාර්ශනික මනසක් නොමැතිබව මේවනවිට තහවුරු වී ඇතැයි ද ඔහු කියා සිටියි.
ශිරාල් ලක්තිලක එම කාරණා පැවසුයේ, 'ද ලීඩර් - අන්කට්' (Leader UNCUT ) වැඩසටහනට එක්වෙමිනි.
'රට්ටු හිනස්සන කතා කියන්න එපා' යි ඔහු එම වැඩසටහනේ දී අවධාරණය කර සිටියේය.
පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?