අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (02) මාධ්‍ය කැඳවා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. එම මාධ්‍ය හමුව අද පස්වරුවේ අගරඳගුරු නිල නිවසේ දී  පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පතා පුළුල් උද්ඝෝෂණ වැඩසටහනක්
දීප ව්‍යාප්තව  ක්‍රියාත්මක කිරීමට තීන්දු කර ඇති ශ්‍රී ලංකා කතෝලෝක රඳගුරු මණ්ඩලය, එහි ආරම්භක පියවර ලෙස එළඹෙන ඉරිදා (මාර්තු 07)  රටපුරා දේවස්ථානයන් හි නිහඬ විරෝධතාවක් ප්‍රකාශයට පත්කර ඇත.
 
එම තීන්දුවට අනුව මාර්තු 07 දා 'කළු ඉරිදාවක්' ලෙස නම්කර ඇත.
 
එදින සියලුම කිතුනු බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දේවස්ථානවලට එක්රැස් වී දේවමෙහෙය හා යාඥාවලින් අනතුරුව, පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවක් සිදුකිරීමට නියමිතය.
 
 
 03
                          පාස්කු කොමිෂන් වාර්තාව අගරදගුරු හිමිපාණන්ට පිළිගන්වයි
 
 
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වා තිබේ.
 
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර විසින් ඊයේ (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
 
 
 
#############
 
සජිත්, රට්ටු හිනස්සන කතා කියන්න එපා 
පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image