1200 x 80 DMirror
 
 

 දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි, අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා

නීතිඥවරු 4 දෙනෙක් ඊයේ (මාර්තු 01) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
 
මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා විසිනි.
 
 
2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම නීතීඥ කණිඩායම සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
 
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවෙහි නිර්දේශ එයට අදාළ අංක 2157/44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ලබා දෙන ලද බලාධිකාරයට අයත් නැති බවට ඔව්හු සිය පැමිණල්ල මගින් තර්ක කරති. 
 
ඔවුන් කියා සිටින්නේ එම ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බවය.
 
අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය බලය සහ ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.
 
එම පැමිණිල්ල පහත පළවේ.
 
 

LATTER 2021 .3.02

 
 

 
සජිත්, රට්ටු හිනස්සන කතා කියන්න එපා 
 

පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 

 
 

subscribeYT

subscribeYT

නවතම පුවත්