කොළඹ දකුණු වරායේ බටහිර බහාලු පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ වරාය අධිකාරිය සමග එක්ව සංවර්ධනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ද එකඟතාව ලැබී ඇත.
 
එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හොල්ඩින් පීඑල්සී සමාගමයි.
 
අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.
 
වසර 35ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදීමේ පදනම යටතේ මෙය සංවර්ධනය කෙරෙන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේය.
 
 
 

 
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.
 
ඒ බව කැබිනට් තීරණ දැනුම්දෙන වාර්තාවේ සඳහන් වේ.
 
ඉදිකර, මෙහෙයුම්කර පවරාදීමේ (BOT) ගිවිසුම් සහ යෝජනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමුකර ඒ අනුව ආයෝජකයින් නම් කරන ලෙස එම ඉල්ලීම කර තිබුණි.
 
 
##############
 
 
 
සජිත්, රට්ටු හිනස්සන කතා කියන්න එපා 
 

පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්