පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන්
ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වගකීම භාර නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කර සිටියි.
 
ඇමතිවරයා එබව සඳහන් කළේ අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
“සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. “ යයි අමාත්‍යවරයා පැවසිය.
 
පාස්කු කොමිසම් වාර්තාව මේවනවිට සියලුම පාර්ශවයන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටිති. 
 

 
 
 
 
අද මාර්තු 02..!!
 
පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 2ක් සපිරීමට ඇත්තේ තව හරියටම දින 50 ක් පමණයි.
 
ඒ වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා, මෙම සංවිධානාත්මක මිනිමැරුමේ මහමොළකරුවන් හෙළිදරව් කරනු! කියා, කොළඹ අගරදගුරු පදවියේ මෙහෙයවීමෙන් දියත්කරන විරෝධතාමාලාවේ, නිල සමාජජාල මෙහෙයුම අද සවස 5.30 සිට ආරම්භ විය.
 
ඒ අනුව මේ ම්ලේච්ඡ, සැලසුම් සහගත ඝාතනයට එරෙහිව, අගරදගුරු පදවි සන්නිවේදන අංශය නිල වශයෙන් නිකුත් කරන, #profile_frame එක සහ #cover පින්තූරය, ඔබසැමගේ අන්තර්ජාල ගිණුම් තුළ ද පළ කරමින්, සහාය දක්වන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටියි.
 
 
#dojusticetotheeasterattack

 

 

 


 

 
 
 
 
 

පාස්කු කොමිසම අවසන් වාර්තාව සකස් කළේ ආණ්ඩුවේ වූවමනාවටද ?

 
 
පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්