1200 x 80 DMirror
 
 

 තරග විභාගයක් පැවැත්වීමකින් තොරව විදුහල්පති සේවයේ 111 ශ්‍රේණියට නිලධාරීන් බදවා ගැනීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක විරෝධය පළ වී තිබේ.
 
 මාර්තු 01 සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදුහල්පති සේවයේ 111 ශ්‍රේණියට තරග විභාගයක් පැවත්වීමෙන් තොරව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
 
 
 
 මෙම තීරණය ශ්‍රී  ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ,  නීතියේ පාලනය තහවුරු කිරීමට යැයි බලයට පැමිණි රජයක් විසින් මේ ආකාරයෙන් අනීතිකව කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බවයි.
 
 
"මේ වන විට ශ්‍රී  ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඩ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබා දීම සඳහා වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින් දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරි ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට සහ සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් නිලධාරීන්ට ද අවස්ථාවස්ථාව ලබාදෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි තරග විභාගයක් පැවැත්වීම වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් තෝරාගෙන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 111 ශ්‍රේණියට පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි. " යනුවෙන් අදාළ කැබිනට් තීරණයේ  සඳහන් වේ.
 
ආණ්ඩුවේ විහිලු :
 
මාර්තු 2 අගහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසන්නේ උක්ත කැබිනට් තීරණයේ කෝවිඩ්  වසංගත තත්වය තුළ තරග විභාගය පැවැත්වීමට වසරකට වැඩි කාලයක් ගත වන බව සඳහන් වීම බරපතල හාස්‍යයක් බවයි.
 
 "කෝවිඩ් වසංගත තත්වය තුළ දිවයින පුරා උසස් පෙළ විභාගය පැවැත් වූ අතර, මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය ද මධ්‍යස්ථාන 4513 ක පැවැත්වෙන අතර එය දින 10 ක් පැවැත්වීමට නියමිතය."
 
 එවැනි ජාතික මට්ටමේ විභාග පැවැත්වීමට හැකියාව තිබියදී විදුහල්පතිවරු 4600 ක් තෝරාගැනීමට අදාළව එක් දිනක පමණක් පැවැත්වෙන තරග විභාගයක් පැවැත්වීමට වසරකට වැඩි කාලයක් ගත වනවාය යන්න ctsu201907213ආණ්ඩුවේ කෛරාටික බව ඉතා හොඳින් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රකාශයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.
 
 
ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ, කෝවිඩ් 19 වසංගත තත්වයට මුවා වී සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පසුගිය වසරවල පැවති විදුහල්පති සේවයේ තරග විභාගවලින් තේරී පත්වීමට අසමත් වූ සුදුසුකම් රහිත වැඩබලන දේශපාලන ගැත්තන් විදුහල්පති සේවයට පත් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කරන පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි.
 
 "ශ්‍රී  ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ 7.2.4.3.1 හි පැහැදිලිව සඳහන් වන්නේ  ‘ලිඛිත පරීක්ෂණයට ලැබූ මුළු ලකුණු සංඛ්‍යාව පදනම්ව ඉහළම ලකුණු ලැබූ අනුපිළිවෙල අනුව පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. එයින් සුදුසුකම් ලබන්නන් ව්‍යුහගත පරීක්ෂණයට කැඳවනු ලැබේ.’ යනුවෙනි."
 
 ඉහත කැබිනට් තීරණය මගින් සේවා ව්‍යවස්ථාවේ මෙම වගන්තියෙහි සඳහන් ක්‍රමවේදය පවා මුළුමනින්ම උල්ලංඝණය වන බව පෙන්වා දෙන ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ, දිවයිනේ පවතින 10,174 ක් වන පාසල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයකට 4600 ක් පමණ විදුහල්පතිවරු මේ ආකාරයෙන් අනීතිකව පත්කිරීම අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පරිහානියකට පත් කිරීමක් බවයි.
 
  
 
දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩබලන සහ රාජකාරි ආවරණය කරන නිලධාරීන්ට අවස්ථාව ලබාදීමට මෙම තීරණය ගන්නා ලද බව උක්ත කැබිනට් තීරණයේ සඳහන් වුවත් විදුහල්පති සේවයේ තරගය විභාගයක් අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ දී  බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
 
 
 
විදුහල්පති සේවයේ දීර්ඝ කාලයක් වැඩ බැලූ ගුරු සේවයේ නිලධාරීන්ට විභාගයට පෙනී සිට විදුහල්පති සේවයට ඇතුළත් වීමට ඒ අනුව ප්‍රමාණවත් තරම් අවස්ථාව තිබුන බව ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.
 
 ගුරු සංගම් නායකයා වැඩි දුරටත් චෝදනා කරන්නේ, මේ වන විට වැඩබලන විදුහල්පතිවරු ලෙස කටයුතු කරන්නේ විවිධ දේශපාලන හිතවත්කම් මත විදුහල්පති තනතුරුවල වැඩබලීමට පත්වීම් ලබා සිටින ගුරු සේවයේ නිලධාරීන් බවටයි.
 
 "අවස්ථා කිහිපයකදී ඔවුන් විදුහල්පති තනතුරුවල ස්ථානගත කිරීමට ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වීම තුළ මේ ආකාරයට විදුහල්පති සේවයේ තරග විභාගයක් පැවැත්වීමෙන් තොරව ඔවුන් පත් කර ගැනීමට උත්සාහ ගන්නා බව ඉහත කැබිනට් තීරණයෙන් මනාව පැහැදිලි වේ."
 
 ශ්‍රී  ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්, මේ ආකාරයෙන් කැබිනට් පත්‍රිකාවක් මගින් පිළිකුල් සහගත ලෙස විදුහල්පති සේවයට පත්වීම් සිදු කිරීමට කටයුතු කිරීම වහා නතර කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.
 
 එසේ නොකර මෙම කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලූ පාර්ශව සමග එක්ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවටත් ලංකා ගුරු සංගමය ආණ්ඩුවට අනතුරු අගවා තිබේ.
 
 
##############
 
 
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

subscribeYT

subscribeYT

නවතම පුවත්