ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ.
 ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනයාට  යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්  ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් ක්‍රියාධරයන්  යාපනයේ  ආරම්භ කළ උපවාසයට ප්‍රදේශයේ දෙමළ ජනතා නියෝජිතයන්ගේද සහයෝගය ලැබෙන බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.
 
 යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට පෙබරවාරි 28 ඉරිදා  ආරම්භ කළ උපවාසය මාර්තු 23 වනදා තෙක්  අඛණ්ඩව පැවත්වීමට නියමිත බව සංවිධායකයෝ පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ.
 
 උපවාසය තුන්වැනි දිනයටත් මාර්තු 2 අඟහරුවාදා පැවැත්වෙද්දී එයට සහාය දැක්වීම සදහා සිය ගණනින් පිරිස් එක්ව තිබේ.
 
 
 news 2021.03.03
 
 
උපවාසය ආරම්භ කළ අවස්ථාවට එක්වෙමින් යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමිවරයා  අවධාරණය කර ඇත්තේ ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරය ආරම්භ වී ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර ඇති බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද්ධාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
 
 යුද අපරාධ හේතුවෙන් වින්දිතයන් බවට පත් වු උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සාධාරණය හා යුක්තිය ඉටු විය යුතු බවත් තවතිරු වේලන් ස්වාමි පවසා තිබේ.
 
 බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද අයට අත් වූ ඉරණම හෙළි කර ගැනීම ඇතුලු ඉල්ලිම් 10 ක් මුල්කරගනිමින් දෙමළ, මුස්ලිම් ජනයාගේ සහභාගිත්වයෙන් නැගෙනහිර සිට උතුර දක්වා දින පහක් පුරා පසුගියදා දියත් කළ සාම පාද යාත්‍රාවේද ප්‍රමුඛයකු ලෙසද තවතිරු වේලන් ස්වාමි කටයුතු කර තිබුනි.
 
 සති තුනකට අධික කාලයක් තිස්සේ පැවැත්වීමට නියමිත උපවාසය සදහා විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායම් වශයෙන් වරින් වර සහාය ලබා දීමට නියමිත බව යාපනයේ මාධ්‍යවේදීහු පවසති.
 
 පසුගිය සතියේ අගනගරයේදීද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට සිවිල් සංවිධාන කිහිපයක්ම ඉල්ලා තිබුනේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කර යුක්තිය ඉටු කර දෙන ලෙසයි. 
 
 Sathivel
                 මාරිමුත්තු සතිවේල් පියතුමා
 
 
"ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට යුද අපරාධ කළ සියලු දෙනා ඉදිරිපත් කරන ලෙසටත් අපට යුක්තිය ඉටු කර දෙන ලෙසටත් අපි ඉල්ලා සිටිනවා."
 
 මාරිමුත්තු සතිවේල් පියතුමා ඒ බව සදහන් කර තිබුනේ පෙබරවාරි 14 බදාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් වසර දහයක් තිස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කිසිදු යෝජනාවක් පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට පැවැති රජයන් හෝ වත්මන් රජය ක්‍රියා කර නොමැති බවත් පියතුමා එහිදී චෝදනා කර තිබුනි.
 
 
 
වින්දිතයන් නොතකන බලවතුන්
 
 
මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් එක්ව පසුගිය ජනවාරි  මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කළ ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කිසිදු තැකීමක් සිදු කර නොමැති බවට චෝදනා කළ මාරිමුත්තු සතිවේල් පියතුමා පෙන්වා දී තිබුනේ, රටවල් පහක් ඒකාබද්ධව මෙවර මානව හිමිකම් කොමිසමේදී  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියේද ලංකාවේ සිවිල් සංවිධාන විසින් සිදු කළ ඉල්ලිම් සම්බන්ධයෙන් සලකා නොමැති බවයි.
 
 සිවිල් සංවිධාන, ආගමික නායකයන්, දෙමළ වින්දිතයන්ගේ සංවිධාන විසින් සකස් කළ නවතම ලියවිල්ලට අත්සන් ලබා ගැනීම අවසන් වු වහාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යොමු කරන බව මාරිමුත්තු සතිවේල් පියතුමා අගනගරයේ මාධ්‍යවේදීන් හා වැඩි දුරටත්  කියා තිබේ.
 
 
 
 107532031 79774a9f 88a8 43a3 b92e b849d2716274                  මිෂෙල් බැෂලේ
 
 
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වන චිලී රටේ හිටපු ජනාධිපති මිෂෙල් බැෂලේ පසුගියදා ඇයගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව ‘බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්’ සිදු කර ඇති බවට පුළුල් ලෙස චෝදනා කර ඇති අතර යුද්ධය අතරතුර සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීමක් ඉල්ලා තිබුනි.
 
 “ජාත්‍යන්තර පරිමානයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා ලීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය එළැඹ තිබේ,” යි කොමසාරිස්වරිය ඇගේ පිටු 17 ක වාර්තාවේ සඳහන් කර ඇත.
 
 
 
 
මහා පරිමාන මානව හිමිකම් උල්ලංඝන චෝදනා ලබන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව විදේශ වලදී දේපල සහ සංචාර තහනම් කිරීම ඇතුළු පියවර ගන්නා ලෙසද මානව හිමිකම් කොමසාරිස්වරිය සාමාජික රටවලින් ඉල්ලා තිබුනි.
 
 
 
වැරදි ලෙස ගොඩනංවන ලද චෝදනා මත පදනම් වූ නිර්දේශ රැගත් එකක් ලෙස හඳුවමින් ආණ්ඩුව විසින් මහකොමසාරිස් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ. 
 
 
 

 
 
 
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්