අලව්ව පොලිස් ස්ථානයේ නිලධාරීන් 05 දෙනෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් 'නෙත් එෆ් එම් බැලුම්ගල' කණ්ඩායමේ සාමාජික තිළිණ රාජපක්ෂ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇත.

ඔහු මේවනවිට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මෙම පහරදීම ඊයේ සිදු වුණේ අලව්ව වල්කුඹර ප්‍රදේශයේදීය.
 
ඔහු සිය යතුරු පැදියෙන් කොළඹ බලා ගමන් කරමින් සිටියදී මාර්ග නීති උල්ලංගණය කළ බව පවසමින් එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් ඔහු නවත්වා ඇත.
 
 මාර්ග නීති උල්ලංගණය කළ බවට එම නිලධාරීන් චෝදනා කළද තමන් එවැනි ක්‍රියාවක් සිදු නොකළ බව පහරකෑමට ලක්වූ මධ්‍යවේදී තිළිණ රාජපක්ෂ සදහන් කර තිබේ. එහිදි මෙම පහරදිම සිදු බව ඔහු පවසයි. 
 
නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායමේ සාමාජික තිළිණ රාජපක්ෂ මෙම සිදුවීම සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබිණ. 
 
 

 
මෙම සිදුවීම පිළිබදව තිළිණ රාජපක්ෂ තවදුරටත් මෙලෙස විස්තර කළේය. 
 
 
හඬපටය -2
 0000
 

 
අලව්ව පොලිස් ස්ථානයට රැගෙන ගිය පසුව ද පොලිස් නිලධාරීන් තමන්ට විවිධ චෝදනා එල්ල කළ බව ඔහු සදහන් කළේය.
 
 
 

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් කළ විමසිමක දී  ඔහු කියා සිටියේ, මෙම පහරදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
 
 
 

 
 
 
 
 
##############

The Leader TV

 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්