මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් හදිසි විදුලි මිලදී ගැනීම් අනුමත කිරීමට යන බව වාර්තාවේ.
 මෑතදී රට තුළ කිසිදු හදිසි තත්වයක් ඇතිවී නොතිබුණද, ලංකා විදුලිබල මණ්ඩලය තාවකාලික හදිසි විදුලි මිලදී ගැනීම් දිගටම කරගෙන යමින් තිබේ.
 
මෙගා වොට් ඒකකයක් රුපියල් 28 - 30 ක තීරු ගාස්තුවකට 'වී පවර්' නමින් හැඳින්වෙන ආයතනයකින් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
 
එවැනි තීන්දුවක් ගැනීමට යන්නේ, මෙගා වොට් ඒකකයක් රුපියල් 23- 24 ක ගාස්තුවකට විදුලිය සපයන ස්ථාපිත දිගුකාලීන විදුලි බලාගාර තුනක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ඉක්මනින් කල් ඉකුත්වීමට නියමිතය.
 
මෙම හදිසි විදුලිබල නිෂ්පාදකයින් විදුලිබල උත්පාදනය සඳහා භාවිතා කරන වඩාත්ම මිල අධික ඉන්ධනය වන ඔටෝ ඩීසල් භාවිතා කිරීමට නියමිත අතර මෙහෙයුම් ඉක්මනින් අවසන් වීමට නියමිත ස්ථාපිත දිගුකාලීන විදුලි බලාගාර තුනෙහි ඉන්ධන ලෙස බර උදුන් තෙල් (Heavey furnace oil) භවිතා කරයි. 
 
මෙම ස්ථාපිත දිගුකාලීන විදුලි බලාගාර තුනෙහි උත්පාදනය නැවැත්වීමට ලංවිම ඉඩ දෙන්නේ නම්, මෙම බලාගාරවලට බර උදුන තෙල් ලීටරය රුපියල් 70 කට අලෙවි කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවා ආදායම් අහිමි වීමක් සිදු වනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
 
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට  බර උදුන් තෙල් විකුණනු ලබන්නේ ලාභයක් ඇතුවය. 
 
එබැවින්, මෙම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ගෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අය කරන මිලට වඩා අඩු මිලකට ඉහළ  බර උදුන් තෙල් අපනයනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බල කෙරෙනු ඇත.
 
විදුලිබල උත්පාදන පද්ධතියට අතිරේක ජනන ධාරිතාවක් එකතු කර නොමැති අතර ස්ථාපිත දිගුකාලීන විදුලි බලාගාර තුනෙහි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කල් ඉකුත් වීමට නියමිත බවද ලංවිම හොඳාකාරව ම දනී.
 
එහෙයින්, ඉහළ හදිසි ගාස්තුවකට “හදිසි විදුලිය” මිල දී ගැනීම වෙනුවට පවත්නා ස්ථාපිත දිගුකාලීන විදුලි බලාගාර තුනෙහි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා ලංවිම මෙම බලාගාර සමඟ සාකච්ඡා කිරීම සිදු කල යුතුව තිබුණ නමුත් මෙතෙක් එවැන්නක් සිදුකර නොමැත. 
 
ලංවිම ආරංචි මාර්ග පවසන්නේ, දශක දෙකකට පෙර මෙම "හදිසි විදුලිය" මිලදී ගැනීමත් සමඟ ලංවිමෙහි මූල්‍ය තත්ත්වය පිරිහීම ආරම්භ වූ බවත්, ලංවිම තවමත් මෙම ක්‍රියාව දිගටම කරගෙන යාම ලැජ්ජාවට කරුණක් බවත් ය.
 
මේ අතර, PUCSL හි සභාපති ජනක රත්නායක 'ඩේලි එෆ්ටී' වෙත පවසා ඇත්තේ,  හදිසි විදුලි මිලදී ගැනීම් අනුමත කිරීමේ සැලසුම ඉදිරියට යමින් තිබුනද ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු පියවරක් ගැන ජනතාව කලබල නොවිය යුතු බවයි.

 

 


 

 

වී ගොවින්ට තර්ජනය කරලා ආණ්ඩුවේ බැරිකම වහගන්න බෑ

 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්