ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා
වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කර, පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.
 
ඔහුව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසූරියට ප්‍රමුඛතා ලැයිස්තුවට පිටින් කොරෝනා එන්නත ලබා දීම නිසා යැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.
 
උන්වහන්සේ එබව සඳහන් කළේ සිය විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ය.
 
අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලාවක් බවට පත්ව ඇතැයි උන්වහන්සේ කියා සිටියහ. 
 
සනත් ජයසූරියට කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවැසුවේ, එන්නත්කරණයට ජනතාව පෙලඹවීම සඳහා ජනප්‍රිය පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවයි.
 
 ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා සුනේත්‍රා ගුණවර්ධන පත්කර ඇති බව වාර්තා වෙයි.
 
 
 
ජෙනරාල්වරුන්ගේ බලපෑම් ?
 
විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකු ලෙස සැලකෙන අතර ඔහුව ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
හමුදා ජෙනරාල්වරුන් සෞඛ්‍ය අංශයේ පරිපාලන කටයුතු වලට සිදුකර අනවශ්‍ය මැදිහත්වීම තුල සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන කටයුතු මුළුමනින්ම බිඳ වැටීමකට ලක්ව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

 


 

 

වී ගොවින්ට තර්ජනය කරලා ආණ්ඩුවේ බැරිකම වහගන්න බෑ

 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්