තමා IS ප්‍රධානියෙකු හා දෙමළ ඩයස් පොරාවේ ප්‍රධානියෙකු සමඟ රහසිගත සාකච්ඡාවක නිරතවන බව සඳහන් කරමින්,

පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මාර්තු 03 වන දින ඡායාරූපයක් පෙන්වා මාධ්‍ය හමුවේ සිදුකරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (05) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යයි.

මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරියකු එබව සඳහන් කලේ, පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගේ චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

අදාළ ඡායාරූපය රිෂාඩ් බදියුදීන් කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකරන ලද ස්විස්ටර්ලන්ත සංචාරයක දී ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට පැමිණි එරට වාසය කරන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඇමතිවරයා සමග සාකච්ඡාවක නිරත වන අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

එම ව්‍යාපාරික හමුවේදී ගනුලැබූ ඡායාරූප මිට ඉහත දී මාධ්‍යවල පලවී ඇත. එහෙයින් එම ඡායාරූපයේ කිසිඳු රහසක් හෝ සැඟවීමේ අරමුණක් නැතැයි ද එම නිලධාරියා පැවසිය.

එසේහෙයින්, පාහියන්ගල ආනන්ද සාගර භික්ෂූන් වහන්සේ කරුණු සොයා බැලීමකින් තොරව, මාධ්‍ය හමුවේ සිදුකරන ලද චෝදනාවේ අරමුණ කුමක්වුවද ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් විධිමත් පරීක්ෂණයක් සිදුකොට සත්‍ය යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා CID යට පැමිණිල්ලක් කිරීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසිය.

 


 

 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්