නීතිපතිවරයා වෙත ලබා දී නොමැති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ
වෙළුම් 22 පිළිබඳව ඉදිරියේදී ආරක්ෂක මණ්ඩලය සහ ආරක්ෂාවට අදාළ රජයේ ප්‍රධානීන් තීන්දුවක් ගනු ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර පවසයි.
 
එම ප්‍රධානීන් සාකච්ඡා කිරීමෙන් පසු එම කොටස් ඉදිරියේ දී නීතිපතිවරයා වෙත ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු කීයා සිටියි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, පාස්කු කොමිසන් වාර්තාවේ වෙළුම් 22ක් නීතිපතිවරයා වෙත ලබාදුන් නොදීමට හේතුව පිළිබඳව සති අන්ත 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී පිළිතුරු දෙමිනි.
 
එම වෙළුම් 22 හි ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇතුළත් බව වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සමාජිකයන් දැනුම්ද දුන් තිබූ බව නීතිඥ හරිගුප්තා රෝහණධීර පවසයි.
 
එම නිසා ජාතික ආරක්ෂාවට බලපාන එම කොටස් හැර ඉතිරි කොටස් නීතිපතිවරයා වෙත ලබා දුන් බව ඔහු සඳහන් කරයි.
 
ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකි.
 
ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22 ක් නීතිපතිවරයා වෙත භාර නොදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න පැවසුවාය.
 

 
 
සබැඳි පුවත් :
 

 

 


 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්