'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' විසින් කොළඹ ජානකී හෝටලයේ දී ඊයේ (04)
සංවිධානය කර තිබු ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල හා සංවිධානවල නායකයින් සහභාගී වී සිටියද එජාප නායක රනිල් වික්‍රමසිංහ හා සජබ නායක සජිත් ප්‍රේමදාස එම අවස්ථාවට එක් නොවීම කැපිපෙනෙන සිද්ධියක් විය.
 
එසේම විපක්ෂයේ ප්‍රබලයකු එම සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට ද බලවත් උත්සහයක් දරා තිබු බවට ද රාවයක් පැතිරගොස් තිබිණ.
 
එම තත්වය තුල සම්මන්ත්‍රණයෙදී සිය දේශනය ආරම්භාකරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පැවසුයේ, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය විසින් කරනුයේ ජාතික එකගත්වයක් වෙනුවෙන් කරන්නාවූ සම්බන්ධීකරණයක් පමණක් බවයි.
 
කොළඹ ජානකී හෝටලයේ දී ඊයේ (04) පැවති එම සම්මන්ත්‍රණයේදී එම කාරණය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය. 
 
 
 
''පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොවේ''
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය'ට දේශපාලන බලය ලබා ගැනීම සඳහා වන කිසිදු අභිප්‍රායක් නැතැයි සඳහන් කර සිටි කරු ජයසුරිය, ඒ නිසාම දේශපාලන පක්ෂ පිහිටුවීම සදහා කිසිදු අවශ්‍යතාවයක් ද නැතැයි ද පැවසිය.
 
එමෙන්ම මැතිවරණ සඳහා පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තම සංවිධානයට ඕනෑකමක් නැතැයි ඔහු අවධාරණය කළේය.
 
007aab38 dc43 4ba7 b580 797b30bf6f93
 
''අප මේ සියල්ලම කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් ජනතාවට වඩා යහපත් රටක් ගොඩනගා ගැනීම සඳහා මේ රටේ පුරවැසියන් තුල පවත්නා බලවත් අධිෂ්ඨානය යථාර්තයක් කරගනු පිණිස අපගේ දායකත්වය ලබාදීමටයි. කරුණාකර අප කරන මෙම අවංක උත්සහය වරදවා තේරුම් ගන්න එපා. '' යයි ඔහු මෙම රැස්වීමේදී අවධාරණය කළේය. 
 
කරු ජයසුරිය එවැනි ප්‍රකාශය කළේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට සුදානම්වන ඇතැමුන් මෙම රැස්වීම වර්ජනය කර එය කඩාකප්පල් කිරීමට උත්සහ දරා තිබිය දිය.
 
පසුගිය මහ මැතිවරණයෙන් පසු 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' විසින් සිදුකල දේශපාලන මැදිහත්වීම පැහැදිලිකරමින් හිටපු කතානායකවරයා මෙසේ පැවසිය. 
 
''පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසුව වඩා වැඩි සමාජ මැදිහත්වීමක් උදෙසා නිරතවීමට අප සංවිධානයට සිදු වුණා. විශේෂයෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම තුළ අපට කිසිසේත්ම නිහඩව සිටීමට නොහැකි තත්වයක් උදා වුණා.
 
 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වටා ගොනු කරගත් අසීමාන්තික බලතල හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා රැගෙන යමින් සිටින තත්වයක් තුළ, වගකීමක් ඇති පුරවැසියන් ලෙස අපට නිහඩව සිටිමට නොහැකි වුණා. 
 
එවැනි පරිසරයක මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමන විට, සමස්ත රාජ්‍යතන්ත්‍රයම අසීමාන්තික ලෙස දේශපාලනීකරණයට ගොදුරු කරමින් පවතින විට, රටේ සමස්ත ආර්ථිකය එක් පුද්ගලයෙකු හා ඔහු වටා සිටින ගජ මිතුරු කල්ලියක් විසින් දැවැන්ත ප්‍රපාතයක් කරා තල්ලු කරමින් සිටින විට අපට වඩ වඩාත් සක්‍රීයවීමට සිදුවුණා.
 
ඒ වගේම මේ රටේ අතිබහුතර ජනතාව 20 වන සංශෝධනයට එකඟ නොමැති බව අප හොදින්ම දන්නවා. එමෙන්ම මේ රටේ අතිපූජනීය මහා සංඝරත්නයද ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයන් මෙන්ම මේ සමාජයේ ජීවත් වන රටට ආදර කරන සියලුම කොටස් අද වනවිට අධිෂ්ඨාන සහගතව එක් මතයකට පැමිණ තිබෙනවා. ඒ 20 වන සංශෝධනය අහෝසි කළ යුතුව ඇතියි යන පැහැදිලි අදහසට යි. 
 
Karu j මහා සංඝරත්නයද  ඇතුළු ඒ සියලුම දෙනා දක්වන එම අදහස අප සංවිධානයට මහත් වූ ධෛර්යයක් ලබාදුන්නා. එමෙන්ම ආශිර්වාදයක් වී තිබෙනවා. 
 
අපට වාර්තා වී ඇති අන්දමට මේ රටේ සිදුකර ඇති ජනමත සමීක්ෂණ ගණනාවක ප්‍රතිඵල අනුව අදාල සමීක්ෂණයන්ට සහභාගී වූ ජනතාවගෙන් 80%ක්ම 20 වන සංශෝධනය අනුමත කරන්නේ නැහැ. 20 වන සංශෝධනය පිළිගන්නේ රටේ ජනතාවගෙන් 20%ක් තරම් සීමිත පිරිසක් පමණයි. 
 
මෙම තත්වය කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා. 2/3ක බලයෙන් උදම් වී සිටින ඔවුන් මෙම යථාර්තයන් වටහා ගතයුතුයි. ''
 
මෙම සම්මන්ත්‍රණය පවත්වන්නේ පසුගිය මාස කිහිපය තුළ සමාජයේ විවිධ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම් අනුව බව කියා සිටි කරු ජයසුරිය, '' අපේ යුතුකමක් වශයෙන් එම වගකීම අපි ගෞරවයෙන් පිළිගත්තා. එය කලේ සත්භාවයෙන්.'' යයි යළිත් අවධාරණය කර සිටියේය.
 
 
 
පළාත් සභා මැතිවරණය ?
 
ජුනි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය උත්සුක වන බවට වාර්තා වෙනවා. මෙම හදිසිය අප තේරුම් ගතයුත්තේ කෙසේ දැයි විග්‍රහකරමින් කරු ජයසුරිය මෙසේ පැවසිය.
 
''මෙම තත්වය නිදහස් හා සාධාරණ මෙන්ම සාමකාමී මැතිවරණ පිළිබදව අපේක්ෂාවන් ඇති බොහෝ පාර්ශවයන්හි දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මැතිවරණ කොමිසන් සභාවේ කටයුතු කරන බොහෝ දෙනෙක් ද මේ පිළිබදව අප වෙත කරුණු දක්වා තිබෙනවා. 
 
ඔවුන් අප වෙත අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ ස්වාධීන කොමිෂන් සභාවන් හි වර්තමාන සංයුතිය දෙස බලන විට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබද අපේක්ෂා දැල්වීම නිශ්ඵල දෙයක් විය හැකි බවයි. එම අදහස අප තුළද තිබෙනවා. 
 
''ස්වාධීන කොමිෂන් සභාවන් හි වර්තමාන සංයුතිය දෙස බලන විට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබද අපේක්ෂා දැල්වීම නිශ්ඵල දෙයක් විය හැකි බවයි. එම අදහස අප තුළද තිබෙනවා.''
 
මුදල් කොමිසම හැර අනෙකුත් සෑම කොමිසමක් තුළ බලගතු දේශපාලන හස්ත තිබෙනවා. අද බහුතර මතය වන්නේ මේ කොමිෂන් සභා විපක්ෂයේ ද එකගත්වයෙන් නැවත පත්විය යුතුය යන්නයි. එක් බලලෝභී පුද්ගලයෙකු මේ කොමිෂන් සභා ඇති කලේ ඒකාධිපති ආණ්ඩුවක් ඇතිකර සැමදා බලේ සිටීමටයි.
 
2001 වසරේදී 17 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසු 2015 දක්වා පැවැත්වු මැතිවරණ අතීතයට සාපේක්ෂව සාමකාමීව සිදුවුණා. 19 වැනි සංශෝධනයෙන් ඇතිකල ප්‍රජාතන්ත්‍රවාදී ආවරණ තුළ 2019 ජනාධිපතිවරණය 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත්ම ආදර්ශමත්ව සිදුවුණා. වර්තමාන පරිසරය තුළ එවැනි මැතිවරණයක් ගැන සිතන්නටවත් බැහැ. 
 
 
උපාලි අබේරත්න කොමිසම : 'රට ලේ විලක් වෙන්න පුලුවන්'
 
 උපාලි අබේරත්න 'කැකිල්ලේ කොමිසමේ' වාර්තාව ගැන අදහස් දැක්වූ කරු ජයසුරිය හිටපු කතානායකවරයා මෙසේ පැවසිය.
 
'' මුලු රටම ආන්දෝලනයකට ලක්කර ඇති උපාලි අබේරත්න කොමිසමේ විකාර යෝජනා මේ රටේ ජනතාව පිළිකුලෙන් හෙලා දකිනවා. මෙහිදි අපි කලින් සදහන් කල පරිදි බලලෝභී දේශපාලඥයන් කිහිප දෙනෙකුට අවශ්‍ය වී ඇත්තේ විරුද්ධ මතධාරීන් දේශපාලන සිතියමෙන් පූර්ණ වශයෙන් අතුගා දැමීමටය. 
 

https cdn.cnn.com cnnnext dam assets 210206005027 01 myanmar protest 0206 yangonමියන්මාරයේ ඒකාධිපතිත්වයට එරෙහිව වීදිසටන් කරන්නේත් ජීවිත පූජා කරන්නේත් අවුරුදු 20 ගණන්වල වෙසෙන තරුණ පරපුර යි

 
මෙරට බලධාරීන්ට අප කියන්නේ එවැනි උත්සහයක් දැරුවොත් එමඟින් මේ රට ලේ විලක් වෙන්න පුලුවන් බවයි. අද මියන්මාරයේ ඒකාධිපතිත්වයට එරෙහිව වීදිසටන් කරන්නේත් ජීවිත පූජා කරන්නේත් අවුරුදු 20 ගණන්වල වෙසෙන තරුණ පරපුර යි. 
 
එවැනි තත්වයක් අප රට තුළ නිර්මාණයවීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. එය මේ රටේ සමස්ත ජනතාව වෙත පැවරී ඇති වගකිමකි. 
 
උපාලි අබේරත්න කොමිසම අපේ රටේ අධිකරණයට විශාල කැලලක්, ඒ වගේම අපේ අධිකරණයට සිදු කරන ලද බරපතලම අපහාසයක්. අග්‍රවිනිශ්චයකාරතුමා ප්‍රමුඛ ගරු අධිකරණය මේ කරුණු පිළිබදව දැඩිලෙස අවධානය යොමුකරනු ඇතැයි අප විශ්වාස කරනවා.
 
 උත්තරීතර අධිකරණය උපයාගත් ගෞරවය හා විශ්වාසය බිදවැටීමට ඉඩ දෙන්න එපා. මේ රට තුළ ස්වාධීන අධිකරණයක් ප්‍රාර්ථනා කරන, රටට ආදරය කරන අප හැම දෙනාගේම ඉල්ලීම එයයි. 
 
කරුණු බොහෝ ඇතත් මේ කරුණු කිහිපය අපි සදහන් කළේ, රට යන අත ගැන දැඩි වේදනාවෙන්. සීමිත සංඛ්‍යාවක සහභාගීත්වයෙන් විශේෂ අවසරයක් ලබාගෙන මේ සම්මන්ත්‍රණය පැවැත්වූයේ මේ රටේ ජනතාවට අප විසින් මෙම කරුණු පැහැදිලි කරදිය යුතු නිසයි. 
 
අනාගතයේදී මුහුණදීමට සිදුවිය හැකි විනාශයෙන් රටත්, ජනතාවත් බේරා ගැනීම සදහායි.
 
 
අපි අතර විවිධ මත ගැටුම් තිබෙන්නට පුලුවන් නමුත් මේ ගිනිගෙන දැවෙන රට එයින් මුදා ගැනීම අත්‍යවශයෙන්ම කලයුතුව තිබෙනවා. ඊළග පරපුරට යහපත් රටක් උරුම කරදීම අපවෙත පැවරී ඇති දැවැන්තම වගකීම වී තිබෙනවා. ඒ සදහා අත්වැල් බැද ගනිමු.''
  
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මෙහිදී කරනුයේ ඒ සඳහා වන ජාතික එකගත්වයක් වෙනුවෙන් කරන්නාවූ සම්බන්ධීකරණයක් බව කරු ජයසුරිය වැඩිදුරටත් කියා සිටියේය. 
 
මෙම සම්මන්ත්‍රණයේ දී රාජ්‍ය සේවය බිඳවැට්ට වූ ආකාරය, අධිකරණය හෑල්ලු කිරීම හා වෘත්තීය සමිති හා විරුද්ධ මතධාරීන් දඩයම් කිරීම ආදි තේමා තුනක් යටතේ සිවිල් විද්වතුන් තිදෙනෙකු කරුණු පැහැදිලි කළේය.
 
මෙම අවස්ථාවට හිටපු මැතිඇමතිවරු වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම ඇතුළු තවත් මන්ත්‍රීවරුන්, රාජ්‍ය සේවකයන්, නීතිඥයන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු ඉතාමත්ම සම්භාවනීය විශාල පිරිසක් සහභාගී වී සිටීම කරු ජයසුරියගේ පැසසුමට ලක්විය.
 
ඔවුන්ගේ මෙම දායකත්වය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතාමත්ම අගය කොට සලකන බවත්, එය තම සංවිධානයට ලබාදෙන මහත් වූ ධෛර්යයක් හා ශක්තියක් වන බවත් කරු ජයසුරිය හිටපු කතානායකවරයා සිය කතාව ආරම්භ කරමින් ගෞරවයෙන් යුතුව සඳහන් කර සිටියේය.

 

 


 

 

ආණ්ඩුව කරන දේ වැරදි වුණාට අගමැති කියන දේ හරි! - හර්ෂ ද සිල්වා

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්