උතුරු පළාතේ පිහිටි ඉඩම් සම්බන්ධ ලියකියවිලි උතුරුමැද පළාතේ පිහිටි කාර්යාලයක් වෙත ගෙනයෑමේ සුදානමක් පවතින බවට
චෝදනා කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.
 
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් මාර්තු 4 බ්‍රහස්පතින්දා විරෝධතාවය දියත් කර තිබුනේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධානත්වයෙනි.
 
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවය දියත් කිරීම වලක්වා ලන්නට උත්සාහ කළ පොලීසිය දේශපාලනඥයන්ගේ ප්‍රති උත්තර හමුවේ පසු බසින ආකාරය පළාත්බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුවී තිබේ.
 
විරෝධතාවයට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF)   නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්  යන  ජනතා නියෝජිතයන් දෙදෙනා චෝදනා කර ඇත්තේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතින උතුරේ ඉඩම් සම්බන්ධයෙන් වන ලේඛන අනුරාධපුරයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්යාලය වෙත ගෙන යෑමේ සුදානමක් පවතින බවයි.
 
උතුරේ දෙමළ ජනයාට ඔවුන් සතු ඉඩම්වල ලේඛන පරිහරණය කිරීම අසීරු කරමින් වෙනත් ස්ථානයකට මාරු කිරීම වහාම නතරකර ඒවා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලම තබාගන්නා ලෙස විරෝධතා කරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා‌ තිබේ.
 
විරෝධතාවයෙන් අනතුරුව සිය ඉල්ලීම් ඇතුලත් සංදේශයක් යාපනය දිස්ත්‍රීක් ලේකම් කනපති පිල්ලෙයි මහේෂන්  වෙත භාර දීමට උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ.
 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එහි පිටපතක් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ප්‍රින්ස් සරෝජනී මන්මදරාජා චාල්ස්  වෙතද යොමු කර ඇති බවයි.

 


 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්