කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ මාරාන්තික ප්‍රහාරයකට තෙවසරක්  ගතව ඇතත්
ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ.
 
 2018 වසරේ මාර්තු හතර රාත්‍රියේ දිගනින් ආරම්භ වී මහනුවර වෙලාගත් ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් එම වසරේම මැයි මස 9 දින සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කොට තිබුනි.
 
knsafකොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ ප්‍රධානත්වයෙන් කොමසාරිස්වරුවන් කිහිප දෙනකුගේ එක්වී  මහනුවරදී සාක්ෂි විමසීම සිදු වු අතර කොමිසමේ සභාපතිනිය එවකට ප්‍රකාශ කර තිබුනේ විමර්ශන වාර්තාව එම වසරේම ජුලි මාසයේ ප්‍රසිද්ධියට පත් කරන බවයි.
 
 
පරීක්ෂණ කටයුතු සඳහා කොමසාරිස් ගසාලි හුසේන්, පරීක්ෂණ හා විමර්ශන අංශ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි, නීතිඥ ඒ ඩබ්ලිව් එම් අහමඩ්, මහනුවර සම්බන්ධීකාරිකා කුමුදුණී විතාරණ හා නීති නිලධාරිනී ප්‍රදීපා වීරවික්‍රම ද සභාපතිනියට සහාය වී තිබුනි.
 
 මුස්ලිම් විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට නිසි කලට පියවර නොගත් රජයේ ආරක්ෂක භට පිරිස් කැරළිකාර සිංහල අන්තවාදීන්ට ආධාර කළ බවට එවකට රජයේ මැති ඇමතිවරුන් ගේද දෝෂ දර්ශනයට ලක් වෙද්දී සන්නද්ධ STF භටයන් මුස්ලිම්වරුන්ට පහරදෙනු දැක්වෙන වීඩියෝ දර්ශන ද ප්‍රසිද්ධියට පත් වී තිබුනි.
 
 2018-03-05 දින පස්වරු 4:59 ලෙස වේලාව සටහන් වී ඇති වීඩියෝව දිගන, හිජ්රාපුර ජුම්මා දේවස්ථානයේ පටිගත වූවක් බව JDS සංවිධානය පවසයි.
 
 මුස්ලිම් විරෝධී ප්‍රහාරයට රජයේ ආරක්ෂක අංශ ද හවුල් වීම සම්බන්ධ පරීක්ෂණ නොපැවැත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේද දැඩි අවධානයටද ලක්වී තිබුණි.
 
 ගැටුම සම්බන්ධයෙන් මහනුවර පැවති තුන් දින පරීක්ෂණය අවසානයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ප්‍රකාශ කර තිබුනේ කැරළි සමයේ රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාව විමර්ශනයට ලක් වූ බව පමණකි.
 
 එම විමර්ශන වාර්තාව මේ තාක් ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව අපෙහොසත් වුයේ මන්දැයි විමසීමට ගන්නා ලද උත්සාහය පල දැරුවේ නැත.
 
 
 
ජිනීවා වාර්තාව:
 
 
ආගම හෝ ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය අහ්මඩ් ෂහීඩ් ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ 43 සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවේ දිගන ප්‍රහාරය ගැන සඳහන් වන පරිදි තුන් දිනක ප්‍රහාර වලින් එක් පුද්ගලයකු මරා දමා, හාරසියයකට වැඩි දේපල, සිද්ධස්ථාන සහ වාහන සංඛ්‍යාවක් විනාශ කර දමා ඇත.
 
බලධාරීන් විසින් කිහිප දෙනකු අත් අඩංගුවට ගන්නා ලද්දේ වුවද, දේශපාලන චරිත පසුව නිදහස් කර යවන ලද බව එහි වැඩි දුරටත් සදහන් වේ.
 
 
 
ඉහළ තානාන්තර:
 
 ජීවිත හා දේපල හානි සිදුකළ කන්ද උඩරට මුස්ලිම් ප්‍රහාර සමයේ මධ්‍යම පළාත භාරව සිටි පොලිස් ප්‍රධානියා  පසුගිය වසරේ රජයේ ඉහලම තනතුරකට පත් කර තිබුනි.
 
 “මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස” ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස පත් කර තිබුනේ දිගන කේන්ද්‍ර කරගෙන 2018 මාර්තුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනවිට දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහලම නිලධාරියා වූ එස්. එම්. වික්‍රමසිංහයි.
 
 “පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථයයි,” යනුවෙන් එම පත්වීම ප්‍රකාශයට පත් කරමින් 2020 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
 
 4a955b802727b98236ca32ee8b608b54 M 
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් ජීවන් වීරසිංහ කලබල හටගත් දා රාත්‍රියේ දිගනට ගෙන්වා ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ බවට චූදිතයාගේ බිරිඳ මෙන්ම භික්ෂුන් වහන්සේ නමක් විසින්ද ඒ දිනවල කරන ලද චෝදනා මේතාක් ප්‍රතික්ෂේප වී නැත.
 
 
 
“නුවර DIG මහත්තයා තමයි අමිත් වීරසිංහ ඔයා මේ වෙලාවේ මෙතෙන්ට එන්න කියලා මේ ප්‍රශ්නෙට එයාව පටලැව්වේ,” යි වීරසිංහ බිරිඳ ජයංගනී සිතුම් කුමාරි මීට ඉහතදී මාධ්‍යවේදීන් හමුවේ කියා තිබිණ.
 
 මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වූ මාර්තු 5දා එහි ගොස් සිටි මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි විසින්ද තහවුරු කර තිබුනේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ ගැටුමට පුද්ගලයන් කැඳවූ බවයි.
 
 
 
ෆේස්බුක් සමාව:
 
 මුහුණු පොත යොදාගෙන ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී වෛරය ඇවිස්සීමට දායක වීම ගැන ෆේස්බුක් සමාගම ද  පසුගිය වසරේ සමාව අයැද තිබුනි.
 
 ෆේස්බුක් සමාගම ගිය වසරේ සමාව ඉල්ලා තිබුනේ ලංකාව සසල කළ මුස්ලිම් විරෝධී මාරාන්තික වාර්ගික ප්‍රහාරයට සිය භූමිකාව හේතුවක් විය හැකි බව විමර්ශනයකින් අනාවරණය වීමත් සමගය.
 
 දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල 2018 වසරේදී සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම්, සමාජ ජාල තුළ මුස්ලිම් විරෝධී වෛරය අවුළුවමින් පැතිර ගිය අතර එය පාලනය කිරීම සදහා හදිසි නීතිය පැනවූ රජය ෆේස්බුක් සමාජ ජාලයට ඇතුල් වීම තාවකාලිකව නවතා දැමීමටත් සිදුවිය.
 
 
 ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ මුහුණු පොත හරහා හුවමාරු වූ වෛරය අවුලුවන සුලු සටහන්, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුවීමට ඉඩ ඇති බවයි.
 
 “අපගේ සමාජ මාධ්‍ය වේදිකාව අවභාවිතය සම්බන්ධයෙන් අපගේ බලවත් සංවේගය පළ කරනවා,” 2020 මැයි 12 අඟහරුවාදා සිය වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව මුහුණු පොත ප්‍රකාශ කර තිබේ.
 
 “මේ හේතුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සැබවින්ම සිදුවූ බලපෑම අප පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා.” එහි වැඩි දුරටත් සදහන්ව තිබුනි.

 

 


 

 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්