කොවිඩ් ආසාදිතව මිය ගිය තවත් පුද්ගලයින් හත්දෙනෙකුගේ මෘතදේහ අද දිනයේද භූමදානය කර ඇත.
 ඒ, මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදීය. 
 
ඒ අනුව මේ වන විට කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින් 16 දෙනෙකුගේ භූමදානය කර තිබේ.
 
 යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ දිනයේදී කොවිඩ් සිරුරු 9ක් භූමදානය කළ බවයි.
 

 
 
කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම සදහා මීට පෙර තෝරා ගෙන තිබුණ් ඉරණතිව් දූපතයි. 
 
කෙසේ වෙතත් එම තෝරාගැනීමත් සමග එම ඉරණතිව් දූපත ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව තුළ නොසන්සුන් තත්ත්වයක් මතුවු අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන සතියේ ප්‍රකාශයට පත් කරනු ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
 
මේ අතර, අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක ද කොවිඩ් ආසාදිත මෘත දේහ භූමදාන කළ හැකි බවට නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බවටද වාර්තා පල වේ.
 

 

 


 

 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58