ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින්
සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ හුවමාරු වීමේ ඉහල යෑමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ විශේෂ අවධානයක් යොමුව ඇත. 
 
මෙම ව්‍යාජ පණිවිඩ හරහා ඕනෑම අවස්තාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක්ද සිදුකල හැකි බව එම සංගමය අනතුරු අඟවා සිටියි.
 
 තවද ඔබ නොදැනුවත්ම මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීමක්ද සිදුවිය හැකිය. 
 
මෙවැනි ව්‍යාජ පණිවිඩ ක්ලික් කිරීමට යාමේදී කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති, රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
 
 
 වැඩිදුරටත් විස්තර සඳහා අමතන්න.
 +94711951779 

 

 

 


 

 

 

 රට අර්බුදයෙන් ගොඩගන්න නම් විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගිය යුතුයි

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්