පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද

ඒ සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

 
ඔහු එබව කියා සිටියේ, කුරුණෑගල, ගිරිබාව ඊයේ (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදීය. 
 
''සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල්.”'' යයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය. 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියර ඊයේ පැවැත්වුණේ කුරුණැගල ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.
 
 
'ඩීල් නෑ, හංගන්න අවශ්‍ය නෑ'
 
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී ජනතාව අමතමින් අවධාරණයෙන් යුතුව කියා සිටියේය.
 
ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිවරයා පැවසිය.
 
පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයක් බවත්, එය දේශපාලන තේමාවක් කර නොගත යුතු බවත් පැවසු ජනාධිපතිවරයා, මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමක් බව සඳහන් කළේය.
 
 
 
''කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණයි''
 
'' ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණයි. උන්වහන්සේ ඒ ගැන කථා කිරීම නිවැරදියි'' යයි පැවසු ජනාධිපතිවරයා, '' එත්, ප්‍රහාරය සිදුවූ වේලාවේ නිහඬව සිටි එදා ආණ්ඩුවේ දේශපාලනඥයන් දැන් කළු කොඩි දැමීම කණගාටුවට හා හාස්‍යයට කරුණක්'' බව කියා සිටියේය.
 
''පාස්කු ප්‍රහාරය පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2019 වසරේ සිදු වූවක්.  එදා පැවති රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා කළකිරී සිටි ජනතාව සමුපකාර සමිති ඡන්දයේදී මෙන්ම 2018 පෙබරවාරි මස පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද ආණ්ඩුව කෙරෙහි දැඩි විරෝධය ප්‍රදර්ශනය කළා ..'' යයි ජනාධිපතිවරයා කියා සිටියේ, ජයග්‍රාගී ගමන ආරභ වූයේ ප්‍රහාරයට බොහෝ කලින් බව සඳහන් කරමිනි.
 
 
 
'පාස්කු ප්‍රහාරය විකුණා බලයට ආවේ නෑ'
 
තමා පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතැයි ජනාධිපතිවරයා මෙහිදී යලි යළිත් අවධාරණය කළේය.
 
2015 ට පෙර පැවති රජය ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වය දී තිබු බව පෙන්වාදුන් ජනාධිපතිවරයා,  2015 දී බලයට පැමිණි පිරිස ජාතික ආරක්ෂාව අමතක කළ බව සඳහන් කළේය. 
 
කුමන මානව හිමිකම් චෝදනා නගනු ලැබූවද 2015ට පෙර පැවති ආරක්ෂක ප්‍රතිපත්තිය යළි සක්‍රීය කර ඇතැයි ඔහු සඳහන් කර සිටියේය.
 
 
 
''දෙමළ ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට කිසිදු ඉඩක් නෑ''
 
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ රජයට බව අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, දෙමළ බෙදුම්වදී ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට හෝ හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවත්, පදනම් විරහිත සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටීයේය.

 

 


 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්