අගරදගුරු පදවිය විසින් තීරණය කරන ලද Black Sunday හෙවත් කළු ඉරිදාව අදයි.
මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කෙරුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමිනි.
 
 ඒ අනුව අද දින දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වන ජනතාව කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගි වන ලෙසට ඉල්ලීමක් කෙරින.
 
 දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසද අගරදගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී ඇත. 
 
ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් පැවසුවේ කරුණු 05 ක් මුල්කර ගනිමින් මෙම කළු ඉරිදාව අද ක්‍රියාවට නංවන බවයි. 
 
දිව්‍ය පූජාවෙන් පසුව ද පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා නිහඬව සිය විරෝධතාවය දැක්වීමට සියලු දේවස්ථානවල කටයුතු සූදානම් කර ඇති බව රදගුරු හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියහ.
 
 
මෙලෙස කළු ඉරිදාවක් ඉකුත්දා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසිනි.
 
පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවීමට පෙර එහි මහ මොළකරුවන් සොයාගැනීමට අසමත් වුවහොත් රට පුරා දැවැන්ත විරෝධතාවක් ගොඩනඟන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී පැවසුහ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඊයේ පැවති 'ගම සමඟ පිළිසඳර' වැඩසටහනට එක් වෙමින් කියා සිටියේ ප්‍රහාරය පිළිබඳ කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණ බව හා උන්වහන්සේ ඒ පිළිබඳ කථා කිරීම නිවැරදි බවයි.
 
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව ඉකුත් දා ජනාධිපතිවරයාට භාරදුන් අතර හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනුකිරීම ඇතුළු තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත්ය.
 
 
 
කළු ඉරිදා විරෝධයට ජාතික භික්‍ෂු පෙරමුණේ සහය
 Black Sunday Jathika Bukku Peramuna
 
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් 2021 මාර්තු 07 වන දින පෙ.ව 8.30 - 9.00 අතර ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා කතෝලික දේවස්ථානවල පැවැත්වෙන කළු ඉරිදා විරෝධයට ජාතික භික්‍ෂු පෙරමුණත් එක්වීමට තීරණය කර තිබේ.
 
කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර අභියස පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවය සාර්ථක කර ගැනීම සඳහා විශේෂ දායකත්වයක් ලබාදීමට ජාතික භික්‍ෂු පෙරමුණ තීරණය කර තිබේ.
 

Black Sunday 1

Black Sunday 2

Black Sunday 3

Black Sunday 4

Black Sunday 6

Black Sunday 7

Black Sunday 8

 

 

 

 


 

 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්