ඩුබායි බලායාමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
නාමල් රාජපක්ෂ අද උදැසන බරපතල අකරතැබ්බකට ලක්ව තිබේ.
 
ප්‍රභූ පර්යන්තය හරහා ඔහු විදෙස්ගතවීමට ගිය අවස්ථාවේදී ඔහුගේ විදෙස් ගුවන් ගමන් බලපත්‍රය පරික්ෂා කර ඇති ආගමන විගමන නිලධාරීන් ඔහුට විදෙස්ගතවිම අත්හිටුවා නිල දැනුම්දීමක් ඇතිබව දැනුම් දී ඇත.
 
යහපාලන සමයේ දී ඔහුට එරෙහිව නඩු ක්‍රියාමාර්ගයක් පැවති අවස්ථාවේදී ඔහුගේ විදෙස් ගමන් අත්හිටුවා තිබිණ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන් ආර්. කන්සල්ටන්සි නැමති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව් දෙනකු වෙත අධිකරණය විසින් පණවා තිබූ විදේශ ගමන් තහනම 2020 ජූලි මස 23 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය වසරේ (2020) පෙබරවාරි 27දා නියෝග කළාය.
 
එහෙත්, එම නියෝගය දිර්ගකර ඇති බවක් හෝ ඔහුව එම චෝදනාවලින් නිදහස්කර ඇති බවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගුවන් තොටුපලට දැනුම්දීමක් කර තිබී නැත.
 
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගුවන් තොටුපලට ඒමට පෙර ඔහු විදේශගතවන බව ගුවන් තොටුපල බාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගට දැනුම් දීමක් ද කර තිබී ඇත. 
 
ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට විදේශගතවීමට අදාළ අනුමැතිය ලබාදීමට මැදිහත්ව තිබේ. 
 
 

 

 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්