යුද්ධයෙන් බැට කෑ මුලතිව් ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ සාරවත් ගොවිබිම් පුරාවිද්‍යාත්මක කැනීම් වලට
අදාල භූමි ප්‍රදේශ යැයි සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ මෙහෙයවීමෙන් බොරු හේතු කියාපාමින් උදුරා ගනිමින් සිටින  බවට චෝදනා එල්ල වෙමින් පවතී.
 
යුද සමයේ දී වගා කටයුතු අතහැර දැමීමට සිදුව තිබූ තන්නිමුරිප්පු ප්‍රදේශයේ වූ තම ඉඩම් යලි අස්වැද්දීමට හෙලි පෙහෙලි කරමින් සිටි මහළු ගොවියකුට බෞද්ධ භික්ෂුවකගේ මෙහෙයවීමෙන් පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් බාධා කර තිබේ.
 
මේ අයුරින් දැනට සිදුවෙමින් පවතින ඉඩම් කොල්ලකෑම් හා ප්‍රදේශයේ දෙමළ ජනතාවට බලපාන ප්‍රශ්න සොයා බලා  වාර්තා කිරීමට ගිය ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට වන සංරක්ෂණ නිලධාරීන් විසින් එම ප්‍රවෘත්ති වාර්තා  නොකරන ලෙසට තර්ජනය කර ඇත.
 
පෙර කී ඉඩම් හිමිකරු වන කේ. පේරානන්දම් තමන්ගේ කෙත්වතු අස්වැද්දීමට එලි පෙහෙලි කිරීම වන රක්ෂණ  නිලධාරීන් විසින් බලහත්කාරයෙන් නවත්වනු මාධ්‍යවේදීන් විසින් තම කැමරාවට හසු කරගෙන තිබේ. 
 
මාධ්‍යවේදීන්ගේ හැඳුනුම් පත් බලකොට ඉල්ලාගත් නිලධාරීන් ඒවා පරීක්ෂා කර බලනුද ඡායාරූප ගතවී තිබේ.
 
 
“අපි සිද්ධිය වීඩියෝ කරන්න ඒ ඉඩමට යන පාර දිගේ  යනකොට එතනකට ආපු වන සංරක්ෂණ නිලධාරීන්ට අපේ  හැඳුනුම්පත් පරීක්ෂා කර බලන්න ඉල්ලුවත් ඒ අයට එහෙම අයිතියක් ඇත්තේ නැහැ” යි සිද්ධියට මුහුණ පෑ එක් මාධ්‍යවේදියෙක් පැවසීය.
 
මාධ්‍යවේදීන් පවසා ඇත්තේ තම කලාපයේ සිදුවෙමින් පවතින දේ වාර්තා කිරීම වැළැක්වීමට වන නිලධාරීන්ට නුපුළුවන් බවයි.
 
dsfd 
 
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පොලිසියත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීනුත් බෞද්ධ භික්ෂුවගේ නියමය පරිදි කටයුතු කළ බවයි.
 
ඇසින් දුටු සාක්ෂිකරු වැඩි දුරටත් පවසා ඇත්තේ ඉඩම් හිමියාගේ ඉඩමද ඇතුලුව අක්කර 500 ක කුරුන්තූර්මලෙයි ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ඓතිහාසික බිමක් මෙන්ම පූජා භූමියක් බවත් ඒ හේතුවෙන් කිසිවකුට මෙහි කිසිදු පෞද්ගලික ඉඩමක් තිබෙන්නට නොහැකි බවත්, කිසිවකුට එම ප්‍රදේශයට ඇතුළුවීමට හෝ කිසිදු එලිපෙහෙලි කිරිමක් හෝ කළ නොහැකි බවත් නිලධාරීන් පැවසු බවයි.
 
ඉඩම් හිමියාට තම ඉඩමට ඇතුළුවීම තහනම් කළ වන නිලධාරීන්  එම ස්ථානයට පොලිස් නිලධාරීන්ද කැදවා තිබේ.
 
ඵල දරන අඹ, කොස්, පොල් ඇතුළු ගස්කොලන් සහිත මේ සාර භූමිය පිහිටා ඇත්තේ, තන්නිමුරිප්පු ප්‍රදේශයට අයත් ජල සම්පත බහුල ආරුමුගතාන්කුලම් අසබඩය.
 
මේ ප්‍රදේශය මෑතක දී හමුදා සන්තකයට ගෙන ඇති ප්‍රදේශයක් ද වෙයි.
  
ගොවීන්ට බාධා කිරීම්  වලින් පමණක් නතර නොවු ඔවුන් ඊලගට ප්‍රදේශවාසී ද්‍රවිඩ ධීවරයන් බිලී පිති භාවිතා කරමින් පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ගිය මසුන් ඇල්ලීමේ තිරසාර ක්‍රම නතර කර ඇත්තේ තහනම් දැල් භාවිතා කිරීමට පිටස්තරයෙන් පැමිණෙන අයට ඉඩ සලසා දෙමිනි.
 
මේ ක්‍රියා කලාපය දෙමළ ජනයාගේ ජීවනෝපායට මහත් හානිකර ලෙස බලපා තිබේ.
 
"හමුදාවට දැල් දාලා  මේ වැවේ මාළු අල්ලන්න පුළුවන්නම්, ඒ ගමේම ජීවත්වන අපට බැරි ඇයි?" යි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.
 
වසර සිය ගණනක් තිස්සේ කුරුන්තුර්මලෙයි ශිව දේවාලයේ වන්දනාමාන කරන දෙමළ ජනයාට මෑතක සිට එම කෝවිල් ප්‍රදේශයට ඇතුළු වීම ද වලකා තිබේ. ඒ එය තව දුරටත් ගවේෂණය කිරීම අවශ්‍යව ඇති ‘බෞද්ධ වැදගත්කමකින් යුතු ස්ථානයක්’ යැයි කියමිනි.
 
පුරාවිද්‍යාවේ හා බෞද්ධ සංස්කෘතියේ මුවාවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන හා සංස්කෘතික පැවැත්ම වලක්වා ඇත්තේ එලෙසය.
 
කුරුන්තූර්මලෙයි කඳු ගැටය අසල බෞද්ධ විහාරයක් සමඟ ප්‍රාදේශීය හමුදා කඳවුරක් ද පිහිටුවා ඇත.
 
පුරාවිද්‍යාත්මක ගවේෂණය ඇරඹීමේ උත්සවය සඳහා පසුගියදා කුරුන්තූර්මලෙයි වෙත පැමිණි ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අනතුරුව ප්‍රදේශයේ සංචාරයක යෙදෙමින් හමුදාව විසින් එහි ගොඩනගන ලද විහාරය වන්දනා කළේය.
 
පුරාවිද්‍යාත්මක ගවේෂණයක මුවාවෙන් බලහත්කාර සිංහල ජනපදකරණ සැලසුම් ඉදිරියට ගෙන යනු ඇතැයි  යුද්ධයෙන් බැට කෑ උතුරේ දෙමළ ජනයා බියට පත්ව සිටි.

 

 


 

 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්