ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ඇණවුම් කළ මාත්‍රා මිලියනය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වනු ඇතැයි එය නිෂ්පාදනය කරන ඉන්දියාවේ සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම්

දී ඇත.
 
සීරම් ආයතනය විසින් මාර්තු 3 වන දින රාජ්‍ය ඖෂධ සංස්ථාවට හදිසියේම එවන ලද ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ. සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සී. පූනාවල්ල විසින් අත්සන් කරන ලද මෙම ලිපිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත එවා තිබේ. 
 
පසුගිය කාලයේදී තම ආයතනයේ ඇති වූ ගින්න නිසා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට නොහැකි වීමෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවද එම ආයතනය පවසා තිබේ.
 
ඒ අනුව, සීරම් සමාගම පවසා ඇත්තේ එන්නත සැපයීමේ තත්ත්වය පිළිබඳ “යාවත්කාලීන කිරීමක්” හෙවත් නැවත දැනුම්දීමක් කෙරෙන්නේ අප්‍රේල් මාසයේ මැද භාගයේදී බවයි. විකල්පයක් වශයෙන් මෙම ගිවිසුම අවලංගු කිරීම හෝ ගෙවා ඇති අත්තිකාරම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් සඳහා සහාය පළකිරීමටද සීරම් ආයතනය එකඟ වී තිබේ. 
 
කෙසේ නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ එන්නත් ලබා දෙන කාල සීමාව නැවත සකස් කිරීමට සිදු වුවද එම එන්නත් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි විශ්වාස නොකරන බවයි.
 
කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා එන්නත් කරනු ලබන ‘ඇස්ට්‍රා-සෙනාකා’ එන්නතේ මාත්‍රා මිලියන 1.5 ක් සඳහා ඇමරිකානු ඩොලර් 5.25 ක් ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් ගෙවා තිබේ. ඉන් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රජා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා පෙබරවාරි අවසාන සතියේ දී ලබා ගන්නා ලදී.
 
ඉතිරි මාත්‍රා මිලියනය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාවේ සීරම් ආයතනය අපේක්‍ෂාවෙන් පසුවිය.  ඒ, මාර්තු මාසයේදී මාත්‍රා ලක්ෂ 5ක් හා අප්‍රේල් මාසයේදී මාත්‍රා 5ක් වශයෙනි.
 
ඉන්දියාවේ සීරම් ආයතනය ගින්නක් ගැන සඳහන් කර ඇතත් එම ගින්න මිට මාස 2කට පෙර සිදුවූවක් වන අතර එයින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් නිෂ්පාදනය කරන ඒකකයට කිසිඳු බලපෑමක් වී නොමැති බව මිට ඉහතදී දැනුම් දී තිබිණ.
 
එම තත්වය තුල ඉන්දියාව මෙසේ ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවූ එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ රාජ්‍යතන්ත්‍රීක අවුලක් නිසාදැයි සැකයක් මතුව ඇත. 
 
 
 
ඊයේ ලැබුණු එන්නත් අද සිට මහජනයාට
 
 
COVAX Sri Lanka
ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ (07)  දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද COVAX පහසුකම යටතේ නොමිලේ ලැබුණු පළමු එන්නත් තොගයයි. එහි මාත්‍රා 2,64,000ක් අඩංගු වේ.
 
 
 
මේ අතර, කොවැක්ස් පහසුකම යටතේ ඊයේ (07 ) අලුයම මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අද (08 ) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ප්‍රමුඛතාව දෙමින් ලබා දීමට කටයුතු කෙරේ.
 
කොවිඩ් පාලන කටයුතු ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ බව පවසා සිටියාය.
 
ඊයේ අලුයම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා දෙලක්ෂ හැටහතර දහසක (2,64,000) ප්‍රමාණයක් මෙරටට ගෙන එන ලදී.
 
යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලැබූ මෙම එන්නත් තොගය රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේට යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී භාර දෙන ලදී.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කරගත් ගිවිසුම අනුව නිෂ්පාදකයාගේ ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය මගින් 2021 මැයි මස අවසානය දක්වා මෙරටට අදියරෙන් අදියර ලබාදීමට නියමිතය.
 
 
###################################
 
 
 

පරිසරවේදීන් නොදන්නා පරිසර අර්බුදයේ ඇත්ත කතාව

 

රට අර්බුදයෙන් ගොඩගන්න නම් විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගිය යුතුයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්