1200 x 80 DMirror
 
 

(සමාජ මාධ්‍යයේ පලවී ඇති පොස්ටුවකි.) 

 
 ආණ්ඩුවේ මාධ්‍ය විසින් ලෝක පුජිත ක්‍රීඩකයකු වන නීතිඥ කුමාර සංගක්කාරට එරෙහිව මඩ මෙහෙයුමක් ආරම්භකර ඇත්තේ, ඔහු ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යන රාවය නිසාදැයි ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතු කරයි.
 
ඒ, ඊයේ ආණ්ඩුවේ 'සිළුමිණ' පුවත්පතේ පලවී ඇති ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
''ලෝක පුජිත ක්‍රීඩකයාගේ බිරිඳ කෝටි ගණනක ඉඩම් ගිල්ල හැටි'' යන ශීර්ෂයෙන් යුතුව එම ලිපිය පළකර තිබිණ.
 
 

Yahali

 
 
මේ අතර එම ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුමාර් සංගක්කාරගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර විසින් මාධ්‍යවෙත යොමුකර ඇති ලිපියක් හා අදාල ලියකියවිලි මගින් 'සිළුමිණ' චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
 
සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් නිති විරෝධි අයුරින් ලබා ගෙන ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා ඔහුගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ කරුණු පැහැදිළි කිරීමේ ලිපියක් ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත්කර තිබිණ.
 
එම ලිපිය මගින් යෙහාලි සංගක්කාර පවසා ඇත්තේ බැඳීම්වලින් තොරව ඉඩම් මිලදී ගැනීම ආරම්භ කළේ ඒවා සංවර්ධනය කිරීමේ අදහස ඇතිව බවයි. 
 
ඔවුන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ මෙසේ සඳහන් වේ.
 
 

 
 
අදාළ කරුණු දැක්වීමට ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ විසින් කුමාර් සංගක්කාර සහ යෙහාලි සංගක්කාර වෙත ප්‍රතිචාර දක්වා ලිපියක් ද යොමුකර ඇත.
 
 එහි දැක්වෙන්නේ මතුව ඇති ගැටළුව විසඳීම සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවයි. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ පැවසුවේ ඉඩම් මිලදි ගැනීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කර ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙස මේ වන විටත් අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇති බවයි. 
 
මෙම ආන්දෝලනයට තුඩුදී තිබූ ඉඩම අඩු ආදායම් ලාභීන්ට ලබාදීමට නියමිත රජයේ ඉඩමකි.
 
 

sanga Doc 2021.03.08

 

 


 

 

පරිසරවේදීන් නොදන්නා පරිසර අර්බුදයේ ඇත්ත කතාව

රට අර්බුදයෙන් ගොඩගන්න නම් විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගිය යුතුයි

 

subscribeYT

subscribeYT

නවතම පුවත්