1200 x 80 DMirror
 
 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ ඇතැම් ක්‍රියාමාර්ග වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) දැඩි විරෝධයක් එල්ලවී ඇත.
විසිවන ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ සම්මත කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුත් ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙන බවට සහතිකවිය.
 
ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය සඳහා පුරවැසිභාවය සහතික කරගැනීම වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු සාමාජිකයන් නම දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් ඒ වෙනුවෙන් මේවනවිට පත් කර තිබේ.
 
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සභාපතිත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහාචාර්ය නසීමා කමුර්දීන්, ආචාර්ය ඒ. සර්වේස්වරන්, ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ, මහාචාරිනී වසන්තා  සෙනෙවිරත්න සහ  මහාචාර්ය ජී. එච්. පීරිස් ය.
 
එම කමිටුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, කමිටුවේ සභාපති වරයා ඇතුළු කමිටු සාමාජිකයින්ට පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් ගෙන් මේවනවිට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී මහජන සාක්ෂි විමසීමකින් තොරව දේශපාලන පක්ෂවල අදහස් පමණක් ලබාගෙන ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම යුක්තිසහගත නොවන බව පොහොට්ටු පක්ෂයේ අදහස වී ඇත. 
 
පසුගියදා ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමුවූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති  මහාචාර්ය ජී.එල්. පීරිස් හා ලේකම් සාගර කාරියවසම් ඇතුළු නියෝජිතයින් පිරිසක් ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත සිය පක්ෂයේ තීන්දුව දැනුම් දී තිබේ.
 
රටේ මිලියන 22ක් වන ජනතාව සම්පූර්ණයෙන් මෙම ක්‍රියාවලියට දායක කරගත නොහැකි නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් හා ජනතා නියෝජිතයන්ගෙන් අදහස් ලබාගන්නා බව ඊට ප්‍රතිචාර ලෙස කමිටුව සඳහන් කර ඇත. නමුත් පොහොට්ටු නියෝජිතයන් එය පිළිගෙන නොමැත. 
 
රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා තුනෙන් දෙකක පැහැදිලි ජනවරමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහ මැතිවරණ සමයේදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
කෙසේවුවද සිදුවෙමින් පවතින කාරනා වලින් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයාගේ එම පොරොන්දුව ද කුණු බාල්දියට වැටීමට නියමිත බවකි.
 
“ජාති හිතෛෂිබව” සුදුසු කමක්:
 
නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා සාමාජිකයන් නම් කරන ලද්දේ තමන් කරන පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස බලපෑම් නොකරන ලෙස ජනාධිපති වරයා විසින් විශේෂ  ඉල්ලීමක් කිරීමට පසු දිනයේය.
 
පත්වීම් කරනු ලබන්නේ “ගැඹුරින් සිතා බලා” යැයි පවසන ජනාධිපතිවරයා එහිදී “ජාති හිතෛෂිබව” සුදුසු කමක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.
 
“පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව්” ජනාධිපති අවධාරණය කරන්නේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබිණ.
 
 
 
##############
 
 
 

පරිසරවේදීන් නොදන්නා පරිසර අර්බුදයේ ඇත්ත කතාව

 

රට අර්බුදයෙන් ගොඩගන්න නම් විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගිය යුතුයි

 

 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්