බහුජාතික සමාගම් වල අවශ්‍යතාව මත මෙරට සබන් සම්බන්ධ ප්‍රමිතිය 2001 වසරේදී වෙනස් කරගෙන
බහු ජාතික සමාගම් මෙරට ජනතාව රෝගීන් බවට පත් කරමින් සිටින බව 'අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය' පවසයි. 
 
එම සංවිධානයේ කැඳවුම්කරු කැලුම් අමරසිංහ එබව අනාවරණය කර සිටියේ, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය. 
 
 
 
 
බහුජාතික සමාගමේ බල පරාක්‍රමය :
 
සබන් වෙනුවට බේදින් බාර් පරිභෝජනය කරවන ආකාරය සහ ඒ තුළ අක්ෂි සහ සම ආශ්‍රිත රෝගාබාධ වලට හේතුකාරක රසායනිකයක් ඇතුළත් නිෂ්පාදන ගැන අනාවරණය කරමින් පැවති එම මාධ්‍ය හමුවට අදාල වාර්තා මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් ස්වයං වාරණයට ලක්ව තිබේ.
 
එම පුවත් වාරණය සම්බන්ධව සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, ලයිෆ්බෝයි සහ ලක්ස් ඇතුළත් යුනිලීවර් නිෂ්පාදන ආශ්‍රිත මිලියන ගණනක වෙළඳ දැන්වීම් තම මාධ්‍ය ආයතනයට නොලැබෙනු ඇතැයි පැවති බිය නිසා මාධ්‍ය ප්‍රධානින් එම මාධ්‍ය හමුවේ ප්‍රකාශිත කරුණු සම්බන්ධව කිසිඳු පුවතක් පළනොකිරීමට තීන්දු කර තිබු බවයි.
 
 
 
සබන් කියා බේදින් බාර්වලින් නෑම :
 
2001  වන විට පැවති සබන් සම්බන්ධ ප්‍රමිතිය අනුව සබන් සඳහා  TFM (Total fatty matter)  අගයක් ඇත. 
 
එනම් බේබි සබන් සඳහා 78% ක්, ඇඟ ගල්වන සබන් සඳහා 76.5%ක්, කෘතීම සේදුම්කාරක සහිත සබන් නම් 54%ක්, කෘතීම සේදුම්කාරක රහිත නම් 59%ක්  විය යුතුව තිබිණ.
 
 නමුත් 2001 බේදින් බාර් නමින් නව ප්‍රමිතියක් හඳුන්වා දීමට ප්‍රමිති ආයතනය ඇති අතර අතර එහි TFM ප්‍රතිශතය 40%කි.
 
එතැන් පටන් මෙරට බහුතර පාරිභෝගික ප්‍රජාවක් ඇඟ ගල්වන සබන් ලෙස පරිභෝජනය කර ඇත්තේ මේ බේදින් බාර් ය. 
 
කැලුම් අමරසිංහ පවසන්නේ ලංකාවේ ඉහල ප්‍රචාරක වියදමක් දරා බ්‍රෑන්ඩ් බවට පත්ව ඇති ලයිෆ්බෝයි යනු සබන් වර්ගයක් නොව බේදින් බාර් වර්ගයක් වන බවයි. එනිසා එහි සබන් කියා හදුන්වා නැති බවය. 
 
එහෙත් ජනතාව වෙළඳ ප්‍රචාරණ වලට හසුවී සහ සබන් ලෙස එවැනි දෙයක් ඊට පෙර භාවිතා කර ඇති නිසා දිගටම සබන් යැයි සිතා බේදින් බාර් ඇඟ ගලවමින් සිටින බවත් ඔහු පැවසීය.
 
මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වූ වැදගත් කරුණක් වන්නේ “Sodium Dodecyl Benzene Sulphonate (SDBS)  නම් මිනිස් සම මුලිකව සිරුරට නොසුදුසු රසායනිකය මෙකී බේදීන් බාර් වල අන්තර්ගත බවය.
 
එසේම එය මෙකී වෙළඳ නාම යටතේ ලෝකයේ වෙනත් රටවල වෙළඳපොළට නිකුත්කර ඇති සබන් වර්ග වල SDBS නොමැති බවත් මෙම මාධ්‍ය හමුවේදී ඔහු සාක්ෂි සහිතව ඔප්පු කරනු ලැබිණ. 
 
ඒ ලයිෆ්බෝයි සහ ලක්ස් සබන් ඇති හොන්කොන්, ආර්ජන්ටිනාව, ඉන්දුනීසියාව, ඉන්දියාව  වැනි රටවල් කිහිපයක නිදර්ශන දක්වමින්ය.
 
ඉන්දියාවේ සහ ලංකාවේ වෙනස !
 
lanka
 
තවද මෙකී රසායනිකය ආශ්‍රිතව 1%ක ප්‍රතිශතයක් හාවන් සඳහා යොදවා 2009 වසරේදී  ඕස්ට්‍රේලියාවේදී පරීක්ෂා කර ඇති අතර එහිදී එම හාවන්ගේ දෑස් අන්ධ වූ බවට පරීක්ෂණ ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත් කැලුම් අමරසිංහ මෙම මාධ්‍ය හමුවේ දී පැවසිය.
 
මෙහිදී ඔහු තවදුරටත් පවසා සිටියේ, මිනිස් සිරුරට ඉතාම අහිතකර මේ රසායනිකය 3.1 %ත් 5.1 % ත් අතර ප්‍රමාණයකින් මෙරට වෙළඳ පොළට සබන් ලෙස ඉදිරිපත් කර ඇති එහෙත් සබන් නොවන බේදින් බාර් වල අන්තර්ගතව ඇති බවය.
 
එසේම අනෙක් රටවල නිෂ්පාදන වල නොමැති මේ විෂ රසායනය මෙරට නිෂ්පාදන වල ඇතුළත් කර ඇති බව මෙරට තුළ දියත්වූ අධිකරණ ක්‍රියාමාර්ගයක් ආශ්‍රිත නඩු තීන්දුවකද සඳහන් බවත් එහිදී ඔහු සඳහන් කළේය.
 
අදාළ බහිජාතික සමාගම මෙරට ජනතාවට නොසුදුසු රසායන වර්ග වංචනික ලෙස පරිභෝජනය කරවා රෝගී කිරීමට එරෙහිව පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකම බවත් දැන් ඒ වෙනුවෙන් මහජන අත්සන් ඇතුළත් පෙත්සම් සූදානම් බැවින් දැන් ඒ සඳහා තීන්දු ගැනීමේ අවස්ථාව බවත් 'අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ' සංවිධානය පවසයි.
 
බහුජාතික සමාගම් වලට අවශ්‍ය ආකාරයට ප්‍රමිතිය වෙනස්කර ඇති බවත් ඊට එරෙහිව පාරිභෝගික ආරක්ෂක  බලකාය විසින් අත්සන් දසදහසක් ඇතුළත් පෙත්සම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු රජයේ ආයතන 5කට යොමුකරන බවත් අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය පවසයි.
 

 

 

 

 


 

 

පරිසරවේදීන් නොදන්නා පරිසර අර්බුදයේ ඇත්ත කතාව

 

රට අර්බුදයෙන් ගොඩගන්න නම් විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගිය යුතුයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්