පොලිසිය බාර සරත් වීරසේකර අමාත්‍යවරයා පසුගියදා තමා සමග විනාඩි තිහකට වඩා කතා කර, ප්‍රශ්නයට මැදිහත් වෙන බව පැවසූ බව නීති ශිෂ්‍යයෙකුට පහර දී වැඩ තහනමට ලක්ව සිටින කැලණිය අපරාධ

කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා පවසයි.
 
ඔහු එබව කියා සිටියේ, ඊයේ (7) කළුතර ප්‍රදේශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
 
එසේම, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් සියලුම දෙනා ම තමාට කතා කර "ඔය ප්‍රශ්නේ අපි විසඳනවා පොඩ්ඩක් ඉන්න" යැයි පැවසූ බවත්, ඒ ගැන විශ්වාසය තබාගෙන තමන් සිටින බවත් ලින්ටන් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.
 
පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් 10 කු විසින් නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකුට පසුගියදා පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී අමානුෂික පහරදීමක් සිදුකර තිබු අතර නීති සිසුවාගේ මුහුණේ සිදුවූ තුවාල හේතුවෙන් ප්ලාස්ටික් සැත්කමක් පවා සිදුකර තිබිණ. 
 
එසේ ප්‍රහාරයට ලක්වුයේ, හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ බාල පුතනුවන් වන මිගාර ගුණරත්නයි.
 
 
 

mihara

 
නීතිපතිගේ නියෝගය පයිසෙකට නොතකයි !
 
පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් දුන් බවට මීට දින කිහිපයකට පෙරදී මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් පොලීසිය එම උපදෙස මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.
 
එවැනි වාතාවරණයක් තුල තමා සමග පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් සහ පොලිස් බාර අමාත්‍යවරයා සිටින බවට පුරසාරම් දොඩමින් වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට බියවද්දවීමට මෙවැනි මාධ්‍ය හමුවක් පැවැත්වීම රටේ නීතියේ සාධාරණත්වය පිළිබඳව ජනතාව තුල ප්‍රශ්නාර්ථයක් ඇති කරන්නකි.
 
"එකක් තිබෙනවා. ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා මගෙත් එක්ක කතා කළා. විනාඩි තිහකට වඩා මගෙත් එක්ක  කතා කළා. එතුමා මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා කිවුවා. එතුමා මන් දැක්ක හොඳම ගතිගුණ තිබෙන මහත්තයෙක්. ඒ වගේම අපේ පොලිසියේ පොලිස්පති තුමා ඇතුළු උසස් නිලධාරීන් ගණනාවක් සියලුම දෙනා වගේ මට කතා කළා. ඔය ප්‍රශ්නේ අපි විසඳනවා පොඩ්ඩක් ඉන්න කියලා. ඒ එක්කම මගේ සුළු නිලධාරීන් පාලන නිලධාරීන් ඔක්කොම විවිධ තරාතිරමේ නිලධාරීන් අපිත් එක්ක ඉන්නවායි කියනදේ විතරක් අපිට කිවුවා. ඉතින් අපි ඒ ගැන විශ්වාසය තියාගෙන ඉන්නවා." ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසිය. 
 
 

 
සබැඳි පුවත් :

 

පරිසරවේදීන් නොදන්නා පරිසර අර්බුදයේ ඇත්ත කතාව

 

රට අර්බුදයෙන් ගොඩගන්න නම් විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගිය යුතුයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්