2019 අප්‍රේල් මස 21වන දින සිදුකළ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයෙන් අහිමි කළ ජීවිත 268ත් සදාතනික ආබාධිත තත්වයට පත්කල ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය පතා ශ්‍රී ලංකාවේ අගරදගුරු පදවිය විසින්
ප්‍රකාශයට පත් කරන ලද Black Sunday හෙවත් කළු ඉරිදාවට විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාවද එක්ව සිටිබව විදෙස් ආරංචිමාර්ග පවසයි.
 
ඉතාලියේ මිලානෝ නගරයේ Santuario di San Bernardino පල්ලියේදි පාස්කු ප්‍රහාරයට ලක්වූ සියල්ලන්ම වෙනුවෙන් ඉතාලියේ කිතුනු ජනතාවගේ ශෝකය හා අප්‍රසාදය පල කර විශේෂ දේව මෙහෙයක් පවත්වා ඇත. 
 
 

Itali 2021.03.09

(සේයා : සුමුදු මද්දුමආරච්චි -මිලානෝ ඉතාලි
 
 
 
ප්‍රංශයත් කළු ඉරිදාව සමරයි
 
 
 
එසේම, 2019 අප්‍රේල් මස පාස්කු දින සිදුවු ප්‍රහාරයෙන් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් පින් අනුමෝදන් කොට එම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් ශ්‍රී ලාංකික නීතියට අනුව අත් අඩංගුවට ගෙන දඬුවම් පමුනුවනු ,කඳුලට සාධාරනය ඉටු කරනු හා ම්ලේච්ඡ ප්‍රහාරයේ වින්දිතයන්ගේ යුක්තිය සඳහා යන තේමාව ප්‍රධාන කොට ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව විසින් මාර්තු මස 07 වෙනි ඉරු දින ප්‍රංශයේ අගනුවර පැරිස් කළාප 11හී පිහිටි ඵෙතිහාසික සුප්‍රසිද්ධ මහජන චතුරශ්‍රයේදී (Place de la République)  උදේ 11 සිට දහවල් 12.30 දක්වා නිහඬ විරෝධතාවයක් පැවතියේය.
 
සුදු පැහැති රෝස මල්, ඉටි පහන් හා මල් වඩමක් රැගත් සහභාගීවූ පිරිස කුඩා පෙරහැරකින් මහජන චතුරශ්‍රයට පැමිනියෝය. 
 
ඉන්පසු කතෝලික ආගමානුකූලව දේව ගීතිකා ගයමින් පින් අනුමෝදන් කලෝය. 
 
මෙම අවස්ථාවට සහභාගීවූ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව විසින්ද ඉස්ලාම් ආගමානුකූලව පින් අනුමෝදන් කලේය. අනතුරුව පැමිණ සිටි පිරිස සුදු පැහැති රෝස මල් තැන්පත් කොට ඉටි පහන් දල්වා නිහඬ උද්ඝෝෂණය පැවැත් වූයේය. 
 
මෙම අවස්ථාවට පැරීසියේ වෙසෙන සිංහල දෙමල මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමානයක් සහභාගිවූ අතර අනතුරුව ඔවුන්ගේ සහභාගිත්වයෙන් පැරීසියේ දේවස්ථානයකදී මියගිය අය සිහිපත් කර දේව මෙහෙයක්ද පැවැත් වූයේය.   
 
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

 

 france imag1
 France2
WhatsApp Image 2021 03 09 at 2.20.58 PM
 

 

 


 

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්