ජන සංයුතිය වෙනස් කොට දෙමළ ජනතාවට තම භූමිය අහිමි කිරීමේ අරමුණින් යුතුව
“සංවර්ධන ව්‍යාපෘති”වලට මුවාවී මෙහෙයවනු ලබන සිංහල ජනපදකරණය දෙමළ පළාත් වල වර්ධනය කරමින් සිටින බවට ආණ්ඩුවට ජාත්‍යන්තර චෝදනාවක් එල්ලවී තිබේ.
 
යුද්ධයේ කුරිරු අවසානයෙන් අවුරුදු 12 ක් ගතවූ පසුවත්, දෙමළ ඉඩම් ජනපදකරණය හා සිංහලකරණය තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් වී ඇති අයුරු හෙළි වන බව එක්සත් ජනපදයේ පිහිටි ඕක්ලන්ඩ් ආයතනය විසින් එළි දක්වා ඇති “නිමක් නැති යුද්ධය: ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ භූමියේ, සහ අනන්‍යතාවයේ විනාශය” නම් නවතම වාර්තාව පවසයි.
 
ශ්‍රී ලංකාවට අදාල නව යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේ සැලකිල්ලට ගනිමින් තිබෙන අවස්ථාවේ දිවයිනේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහිව දිගටම කරනු ලබන හිංසනය පිළිබඳ තැතිගන්නා සුළු අලුත් සාක්ෂි අනාවරණය කර තිබේ.
 
“වාරිමාර්ග යෝජනා ක්‍රම, හමුදා කඳවුරු, පුරාවිද්‍යා රක්ෂිත, වනජීවී අභයභූමි, රක්ෂිත වනාන්තර සහ විශේෂ ආර්ථික කලාප යනාදිය මගින් උතුරේ හා නැගෙනහිරේ ඉඩම් කොල්ල කෑම අවුරුදු දෙකකට ඉහතදී ආණ්ඩුව වෙනස් වීමත් සමග නරක අතට හැරී තිබේ,” යි වාර්තාව සඳහා වූ සමීක්ෂණය සම්බන්ධීකරණය කළ අනුරාධා මිත්තල් පැවසුවාය.
 
“පාරම්පරික භූමියට ප්‍රවේශ වීම වලක්වා ලීම, ග්‍රාම නාම වෙනස් කිරීම, බෞද්ධ විහාර ඉදිකොට දේවස්ථාන හා කෝවිල් ඉවත් කිරීම සහ සිංහල ආධිපත්‍යය වෙනුවෙන් කැපකෙරුණු ජයග්‍රහණ ස්මාරක ඉදිකිරීම යනු දෙමළ ඉතිහාසය හා සංස්කෘතිය මකා දැමීම සඳහා වන සැලසුම්ගත උත්සාහයකි. සම්ප්‍රදායික දෙමළ නිජභූමිය වන උතුරු නැගෙනහිර භූගෝලීය වශයෙන් කැබලි කිරීමද ආණ්ඩුවේ මූලෝපාය වී ඇත.”
 

gdsv

sdfsdf

 

මෙම මූලෝපාය සඳහා මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ආණ්ඩුවේ දෙපාර්තමේන්තු කිහිපයක්ම යොදවාගෙන ඇති ආකාරය වාර්තාවෙන් එළිදරව් කෙරේ.
 
පශ්චාත් යුද ශ්‍රී ලංකාව පිළිබඳව ඕක්ලන්ඩ් ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට තිබෙන හතරවැනි වාර්තාව වන නිමක් නැති යුද්ධය, ඉඩම් කොල්ලයේ පරිමානයත්, පුළුල් වශයෙන් සිදුකෙරෙන හමුදාකරණය දෙමළ ජනගහනය කෙරේ ඇති කරන බලපෑමත් පිළිබඳ කාලෝචිත යාවත්කාලීන කිරීමක් සපයයි. 
 
හමුදා වාඩිලා ගැනීම් කොයි තරම් බරපතලද කියතොත්, සෑම සාමාන්‍ය වැසියන් හය දෙනකුටම පාහේ එක සොල්දාදුවකු බැගින් ඉන්නා බව එහි සඳහන් වෙයි.
 
“යුද හමුදාව විශාල ඉඩම් ප්‍රමාණයක් දිගටම අත්පත් කරගෙන සිටී. තරු පහේ නිවාඩු නිකේතන, හෝටල් සහ  ඉදිකිරීම් සමාගම් පවත්වාගෙන යමින් පමණක් නොව, වාඩිලාගෙන සිටින ඉඩම් වගා කරමින්ද දැඩි ලෙස යොදවා සිටින හමුදාව ප්‍රදේශයේ ජනතාවගේ ජීවිකාව බරපතල ලෙස පීඩාවට පත් කර තිබේ,” යි මිත්තල් වැඩිදුරටත් පැවසුවාය. 
 
එය සිදුවන්නේ, යාපනයේ පමණක් 23,000 කට වැඩි පිරිසක්ද ඇතුළු දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව ප්‍රශ්නයේ කෙළවරක් දැක ගැනීමට නොහැකිව යුද්ධයේ අවසානයෙන් අවුරුදු 12 කට පසුවත් අවතැන් වී සිටියදී බව වාර්තාව පෙන්වා දෙයි. 
 
දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමට යුද හමුදාව ඇතුළු විවිධ දෙපාර්තමේන්තු යොදාගැනීමේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අරමුණ වී ඇත්තේ සිංහලයේ සහ බුද්ධාගමේ ආධිපත්‍යය ශ්‍රී ලංකාව පුරා පතුරුවා ලන බවට චෝදනා කරන ඕක්ලන්ඩ් ආයතනය, එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ක්ෂණික අවධානයට යොමු කර සිටී.
  
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2021 ජනවාරියේ නිකුත් කළ වාර්තාව විසින් අතීතයේ සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගවීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කෙරුනා පමණක් නොව, අනාගතයේ ප්‍රචණ්ඩ ක්‍රියා හා ගැටුම් ඇතිවීමේ ඉඩකඩ ඇහිරීම සහ වලක්වා ලීම වෙනුවෙන් මැදිහත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද ඉල්ලීමක් කරන ලදී. 
 
“යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන උසස් හමුදා නිලධාරීන් සහ වෙනත් අයට එරෙහිව සම්බාධක පැනවීමට  සහ ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී ගැටුම පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනයක් පැවැත්වීමට මහ කොමසාරිස්වරිය කළ ඉල්ලීම යුක්තිය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමෙහි ලා අත්‍යාවශ්‍ය වෙයි,” යනුවෙන් සම්බන්ධීකාරිකා මිත්තල් පැවසුවාය.
 
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධ කේන්ද්‍රීය කණ්ඩායමේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කර ඇති ඇති ශුන්‍ය යෝජනා කෙටුම්පත යුක්තිය, වගවීම සහ කල්පවත්නා සාමය සහතික කරගැනීම සඳහා පැහැදිලි ප්‍රවේශයක ආකෘතියක් හඳුන්වා දීමට අසමත් බව ඕක්ලන්ඩ් ආයතනයේ පිළිගැනීමයි.
 
“එය මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරියගේ නිර්දේශවලින්ද, මෙම කාරණය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීමට හිටපු මහ කොමසාරිස්වරුන් හතර දෙනකුද, හිටපු විශේෂ නියෝජිතයන් නම දෙනකුද, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ මණ්ඩලයේ සියලු දෙනා විසින් කරන ලද නිර්දේශ වලින්ද, මුළුමනින්ම පිට පනියි. 
 
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ භූමිය, ජීවිතය සහ අනන්‍යතාව විනාශ කිරීමේ යථාර්ථය අනාවරණය කරන නිමක් නැති යුද්ධය, මානව හිමිකම් තත්වය තව තවත් පිරිහීම වලක්වාලීම සඳහා සාමුහික ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට එළැඹීම වෙනුවෙන් බැලු බැල්මට ඔප්පු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කරයි,” යයි මිත්තල් වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාව ඉඩම් කොල්ලය සහ අනාගත ජනපදකරණය වහාම අත්හිටුවීම අවධාරණය කරමින්, උතුර සහ නැගෙනහිර හමුදාකරණයෙන් වහාම මුදාගැනීම සහතික කළ යුතුයයි පවසන් ඕක්ලන්ඩ් ආයතනය, “එසේ කිරීමට අසමත් වීම ජාත්‍යන්තර මානව හිමිකම් තන්ත්‍රය නැවත වතාවක් සමච්චලයට ලක් කිරීමක් වන්නේය,” යි කියා සිටී.
 
සම්පුර්ණ වාර්තාව මෙතනින් 

 

 


 

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්