බලලු වැව රක්ෂිතයේ අලංකාරය කළ 'රේවත' නැමැති ඇතා කැකිරාව, මහ කැකිරාව අලියා වැටුණුවැව ප්‍රදේශයේ බඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙන් ඊයේ (08) රාත්‍රීයේ මියගොස් සිටි දී සොයා ගත් බව
 

 වනජීවී නිලධාරීන් පවසති.

 
කලා බලලු වැවට ආඩම්බරකාරයෙකු ලෙසත්, නිතර නිතර බොහෝදෙනා ආරක්ෂා කරන සතෙකු ලෙසත් රේවත ප්‍රසිද්ධ වී සිටි අතර කලාවැවේ ජාතික උද්‍යානයක් කළ ද එහි නිසි ආරක්ෂාවක් නොමැති නිසා මෙම වන සතුන් ගම් වැදීම හේතුවෙන් ඉතා අමානුෂික ආකාරයෙන් මියයන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
 
කැකිරාව, මහ කැකිරාව ප්‍රදේශයේ අලියා වැටුණු වැව ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිඟු හේනකට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මෙම ඇතා මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසති.
 
මෙම ඇතා ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී වනජීවී පසු වෛද්‍ය නිළධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර මෙම ඇතා අවරුදු 50ක් 55ක් පමණ වයස ඇති බවත් කලාවැව සහ බලලු වැව ඇත් පන්තියේ සිටි වැඩිමල්ම ඇතා බවත් වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
 
මෙම රංචුවේ සිටි අහිංසකම ඇතා රේවත බවත් මීට පෙර කිසිදු පුද්ගලයකුට පහර දීමක් හෝ ඉඩම් වලට පැන වගා හානි සිදු කිරීමක් හෝ මෙම ඇතා විසින් සිදුකළ බවට වාර්තා වී නැති බව වනජීවි නිලධාරීන් කියා සිටියි.
 
වසර 50 ක පමණ කාලයක් ම මෙම ඇතා ගල්කිරියාගම පුබ්බෝගම කලා බලලු වැව ආදී ප්‍රදේශවල සැරිසරමින් ඉතා අහිංසකව සිටි ඇති බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියි.
 
අනුරාධපුර පණ්ඩුලගම වනජීවි කාර්යාලයේ වනජීවී පශු වෛද්‍ය  චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් ඇතාගේ හදිසි මරණ පරීක්ෂණය සිදු කරනු ලැබිය. 
 
මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
 158452345 4137562496304906 1825983225975616934 o
 Tusker 2
 
මේ අතර පුත්තලමේ විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු 25 ක් පමණ වන කෙනෙරක් මිය ගොස් තිබේ.
 
සෙල්ලකන්දල් රක්ෂිතයට යාබදව පිහිටි සෙල්ලකන්දල් මානවේරිය ගම්මානයේ වගා බිමක එම කෙනෙර මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැනුම් දී ඇත.
 
මේ සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු වනජීවී නිලධාරී භාරයට ගෙන ඇත.
 
(සේයා - නෙත් නිව්ස්)
 
 
සබැඳි පුවත් :
 
##############

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්