අමාත්‍ය විමල් වීරවංශ විසින් 2021 මාර්තු 09 දින සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා
යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බතියුදීන් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී ඇත.
ඒ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට ඇමති විමල් වීරවංශ හිතාමතා සාවද්‍ය චෝදනාවක් සමාජගත කරමින් සිදුකළ කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනුවත්ව සමාජය නොමගට පෙළඹවීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රකාශය සිදුකළ ඇමති විමල් වීරවංශට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ද මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
දිගටම බොරුම කියන විමල්
අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බතියුදීන් පවසා සිටියේ,
“පාස්කු ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ සිට ඊට තමන් සහ තම සහෝදරයන් සම්බන්ධ බව පවසමින් විමල් වීරවංශ අමාත්‍යවරයා සාවද්‍ය චෝදනා එල්ලකළ බවත් එහෙත් පැවති සෑම විමර්ශනයක් හරහාම තම නිර්දෝෂීභව තහවුරු වූ බවය.
එසේ තිබිය දී ද දේශපාලන වාසි බලාගෙන විමල් වීරවංශ දිගින් දිගටම බොරු ප්‍රචාරයන් සිදුකර සමාජය නොමග යවමින් සිටින“ බවය.
"මට චෝදනා කරද්දී විමල් වීරවංශ ඇමතිතුමා කිව්වේ චෝදනා අසත්‍ය නම් එයා දේශපාලනයෙන් ඉවත්වෙනවා කියලා. දැන් හරිනම් එයා ඉන්න ඕන ගෙදර" බදියුදීන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අද සිදුකළ පැමිණිල්ල පදනම් වුයේ "ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට" මැයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ (09) පැවති සම්මන්ත්‍රණයකදී සිදුකළ අදහස් දැක්වීමකි. එහිදී අමාත්‍යවරයා "රිෂාඩ් බදුර්දීන්ගෙ මල්ලි සහරාන්ට කෝල් කළා" යන ප්‍රකාශය සිදුකළ බව පැමිණිල්ලේ දැක්වෙයි.
විමල්ට එරෙහි රිෂාඩ්ගේ පැමිණිල්ල මෙන්න !
නියෝජ්‍ය පොලිස්පති,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
කොළඹ.
ඇමති විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ‘‘රිෂාඩ් බදුර්දීන්ගෙ මල්ලි සහරාන්ට කෝල් කළා“ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙනි
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සමස්ත ලංකා මහජන කොංග්රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් වන මා සම්බන්ධයෙන් ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අයුක්ති සහගත, අභූත චෝදනාවක් එල්ල කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමි.
විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය මෙසේය,
“රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලි සහරාන්ට කෝල් කරලා තියෙනවා කිව්වෙ අපි නෙමෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක. එතුමා දැන් ඊට පස්සෙ ඒ රස්සාවෙන් තුරන් වුණා. කාඩිනල්තුමන් ගාවට ගිහිල්ලා පොලීසියෙ මහත්වරු තමයි, රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලි දුරකථන ඇමතුම් සහරාන්ට ගත්ත හැටි, සහරාන්ගෙ දුරකථන ඇමතුමෙන් පස්සෙ එයා අයියට කෝල් කරපු හැටි, ආයි ඒ අයියගෙ කෝල් එකෙන් පස්සෙ සහරාන්ට කෝල් කරපු හැටි, අපි නෙමෙය කිව්වෙ පොලීසියෙ මහත්වරු ගිහිල්ලා කාඩිනල්තුමන්ට පෙන්නුවේ. අපට නෙමෙයි පෙන්නුවෙ කාඩිනල්තුමන්ට. එතකොට රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලි දුරකථන ඇමතුම් සහරාන්ට කෝල් කරනවා. ඊට පස්සෙ සහරාන්ගේ කෝල් එකෙන් පස්සෙ අයියට රිෂාඩ් බදුර්දීන්ට කෝල් කරනවා. ආයි අයියගෙ කෝල් එකෙන් පස්සෙ සහරාන්ට කෝල් කරනවා. අත්අඩංගුවේදි බදුර්දීන්ගෙ මල්ලි කියනවා බිස්නස් ගැන කෝල් කළෙ කියලා“
අමාත්‍යවරයා විසින් මේ ප්‍රකාශය 2021-03-09 වන දින "ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට" ප්‍රසිද්ධ දේශනය නමින් කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති උත්සව සභාවක් අමතමිනි.
මේ සම්බන්ධයෙන් මට ප්‍රකාශ කිරීමට ඇත්තේ, රිෂාඩ් බතියුදීන් වන මම හෝ රියාජ් බතියුදීන් වන මගේ සහෝදරයා කිසිම දවසක කුමන හේතුවක් නිසා හෝ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් නමැති පුද්ගලයා සමග කිසිදු සබඳතාවයක් පවත්වා නැති බවත්, කිසිදු අවස්ථාවක දුරකථනයෙන් කථා කිරීමක් සිදුකර නොමැති බවයි.
ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ එම අභූත සහ චෝදනාන්විත ප්‍රකාශය හරහා සමාජයට ගෙන යන පණිවුඩය ඉතාම බරපතළ අසාධාරණයක් බව ප්‍රකාශ කර සිටිමි.
එමනිසා එතුමාගේ මෙම ප්‍රකාශය හරහා මාගේ කීර්තිනාමයට, දේශපාලන ජීවිතයට අහිතකර ලෙස සහ/හෝ අයුක්ති සහගත බලපෑමක් එල්ල කර ඇති අතර එමෙන්ම මේ රටේ මුස්ලිම් ප්‍රජාව ඉල්ලක කර සිදුකරන ලද අමානුෂික සහ/හෝ සාහසික ප්‍රකාශයක් බව ද දන්වා සිටිමි.
මේ කරුණු සලකා බලා සාහසික අයුරින් සමාජය නොමගට පොළඹවන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උක්ත ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකොට, සත්‍ය යුක්තිය, සාධාරණය ඉටුකරන ලෙසත්, දැනුවත්ව සමාජ අපරාධයක් සිදුකිරීමේ අරමුණින් උක්ත ප්‍රකාශය සිදුකළ විමල් වීරවංශ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමි.
ස්තූතියි
රිෂාඩ් බදියුදීන්
පාර්ලිමේන්තු මන්ත්‍රි
(වන්නි දිස්ත්‍රික්කය)
දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!
සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම