හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කර ගනිමින් ගොවි සංවිධාන 86ක
නියෝජිතයින් විසින් පසුගිය ජනවාරි 18 වන දින ආරම්භ කළ අදට දින 53ක් පිරෙන සත්යග්රහයට සහය දක්වමින් අද දිනයේ ගොවි නියෝජිතයින් 1500ක පමණ පිරිසක් උද්ඝෝෂණයක් පැවැත්වුහ.
අම්බලන්තොට තවලුවිල ප්රදේශයෙන් පාගමනින් පැමිණි විරෝධතාතරුවන් හා සූරියවැව ඇතුළු ප්රදේශ කිහිපයක සිට රථ පෙළපාලියක් ඔස්සේ පැමිණි විරෝධතාකරුවන් පෙළපාලියකින් අම්බලන්තොට නගරමධ්යයේදී විරෝධතාවයේ යෙදුණි.
එම විරෝධතාවය සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු ජාතික භික්ෂු සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා රැසක් මෙන්ම ගොවි නායකයින් එක්ව සිටියේය.
විරෝධතාවය හේතුවෙන් කොළඹ - කතරගම මාර්ගය අම්බලන්තොට නගරයෙන් හරස්වීම හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් දැඩි වාහන තදබදයක්ද පැවතුනි.
විරෝධතාකරුවන් “සක්රීය විදුලි වැටක් වහා ඉදිකරනු…“ යනුවෙන් සඳහන් කර ඇති පුවරු අතැතිව උද්ඝෝෂණයේ නියැලෙන අයුරු දක්නට ලැබිණ.
කෙසේවුවද, පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන අදාළ විරෝධතාවයේ නියැලී සිටි පිරිස් විසුරවා හැරීමට කටයුතු කළේය.
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව වල්සපුගල ප්රදේශයේ ගොවින් පිරිසක් විසින් ආරම්භ කළ සත්යග්රහයට අදට දින 53ක් ගත ව තිබේ.
දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්යාවෙන්!
සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම