වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන්
අරගලයේ යෙදී සිටින දෙමළ මව්වරුන්ට එරෙහිව පොලිස් මර්දනය දිගටම ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
 
 අතුරුදහන්වුවන්ට යුක්තිය ඉල්ලා ගෙනයන අඛණ්ඩ විරෝධතාවේ සිව්වැනි වර්ෂ පුර්ණය නිමිත්තෙන් ජගත් කාන්තා දිනයේ පවත්වන ලද උද්ඝෝෂණයට නායකත්වය දුන් මාතාවක් මාර්තු 9 අගහරුවාදා මුලතිව් පොලිස්ථානය වෙත කැඳවා ප්‍රශ්න කර තිබේ.
 
 බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී පවසන්නේ විරෝධතාවය හමාරවී පසුදා සේවය කරන ස්ථානයට ගිය පසු එතැනට පැමිණි පොලිස් නිලධාරියෙක්  කටඋත්තරයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.
 
 මුලතිව් පොලිස් ස්ථානයට ගිය පසු පැය එකහමාරක පමණ කාලයක් තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව ඇය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.
 
මරියසුරේෂ් ඊශ්වරී මාතාව පවසන්නේ දස දහස් සංඛ්‍යාත දෙමළ හා මුස්ලිම් ජන සහභාගිත්වයකින් නැගෙනහිර සිට උතුරට ගමන් කළ සාම පාදයාත්‍රාව සහභාගි වීම සම්බන්ධයෙන් පොලීසිය එහිදී තමන්ගෙන් ප්‍රශ්න කළ බවයි.
 
“P2P විරෝධතාවයට මම සහභාගි වුනු එක නීති විරෝධීය, අධිකරණයට අපහාසයක්ය, උසාවි නියෝගයක් තියෙද්දී ඇයි ගියේ කියලත් මගෙන් ඇහුවා. මම දුන්න කටඋත්තරේ තමයි උසාවියෙන් මට ලිඛිත නියෝගයක් ලැබුනේ නෑ ඒ සම්බන්ධයෙන්. ඒත් පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කිව්වා. මම ගියේ අතුරුදහන් වූ කෙනෙකුගේ නෑදෑයෙක් හැටියට. සංගමය හැටියට මම ගියේ නෑ කියලා මම එයාට කටඋත්තරයක් දුන්නා. මට පුද්ගලික නිදහසක් තියෙනවා මට කැමති තැනක යන්න, ඒක මගේ අයිතිය කියලා මම කිව්වා.”
 
 ඇය වැඩි දුරටත් පවසන්නේ සිය යතුරුපැදිය සම්බන්ධයෙන්ද පොලීසිය ප්‍රශ්න කළ බවයි.
 
 "මගේ මෝටර් සයිකලේ නොම්මරෙයි, මගේ හැඳුනුම්පත් අංකයයි ඒ කටඋත්තරේ ලියාගත්තා. එහෙම ලියාගෙන මේ මෝටර්සයිකලේ නේද ගියේ කියලා ඒගොල්ලෝ ඇහුවා. මම මේ විභාග කිරිල්ල ගැන හිතන්නේ, මේ වෙනකල් අර P2P ගැන මට එන්න කිව්වේ නෑ. ඊයේ අර විරෝධතාවට පස්සේ තමයි පහුවෙනිදා පාන්දර ඇවිත් මට කටඋත්තර දෙන්න එන්න කිව්වේ. ආයෙත් මට කටඋත්තර දෙන්න එන්න කියයිද දන්නේ නෑ.”
 
 දස දහස් සංඛ්‍යාත දෙමළ හා මුස්ලිම් ජන සහභාගිත්වයකින් නැගෙනහිර සිට උතුරට ගමන් කළ සාම පාදයාත්‍රාව උසාවි වාරණ නියෝග සහ ආරක්ෂක හමුදා බියගැන්වීම් වලින් නවතා ලන්නට නොහැකිව කෝපයට පත්වී සිටින රජය එහි නියමුවන් හිරේ විලංගුවේ දමා ඔවුන්ගේ වාහන අත්පත් කරගන්නා බවට ප්‍රසිද්ධියේ තර්ජනය කර තිබුනි.
 
 
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර තම අනාගත සැලසුම් එසේ හෙළි කර තිබුනේ පොතුවිල් පොලිකන්ඩි පස් දින පාද යාත්‍රාව හෙලා දකිමින් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පෙබරවාරි 8 සඳුදා පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
 
“අපි තහනම් නියෝග අර ගත්ත නිසා අපි දැන් මේ ගොල්ලන්ගේ පොටෝග්‍රා‌‌ෆ් තියනවා. මේ ගොල්ලන්ගේ වෙහිකල්ස් වල නම්බර් අපි දන්නවා. පුද්ගලයෝ කවුද කියලා දන්නවා. ඒ ගොල්ලන්ට නඩු දාලා අපිට පුළුවන් ඒ වාහන සියල්ලක්ම රාජසන්තක කරන්න. මොවුන් ඇත්ත වශයෙන්ම හිරේ දාන්න පුළුවන් තත්වයක් අපිට තියනවා. නඩු මාර්ගයෙන්.”
 
ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර අවසන් බව අමාත්‍යවරයා එදින  හෙළි කර තිබුනි. 
 
p2p
 උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයන්, සිවිල් ක්‍රියාධරයන් ඇතුළු විශාල පිරිසකගෙන් පොලීසිය මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
 
 දෙමළ ජනතාවගේ ඉඩම් අහිමිකිරීම, උතුරු නැගෙනහිර හමුදාකරණය වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකිරීම, කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම, දෙමළ ජනතාවට එරෙහිව හතලිස් අවුරුද්දක් තිස්සේ යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මුස්ලිම්වරුන්ට එරෙහිව යොදා ගැනීම, අතුරුදහන්වුවන්ගේ ඉරණම හෙළි නොකිරීම, දේශපාලන සිරකරුවන් දීර්ඝ කාලයක් නඩු නැතිව සිරගත කොට තැබීම, දෙමළ මළවුන් සිහිපත් කිරීමේ අයිතිය ඇවිරීම හා මානව හිමිකම් උල්ලංඝන එළිදරව් කිරීමට වෙහෙසෙන මාධ්‍යවේදීන් හා බහුජන ක්‍රියාධාරීන් දඩයම් කිරීමට එරෙහිවීම ද සාම පාද යාත්‍රාවේ අරමුණු ලෙස උතුරු නැගෙනහිර සිවිල් සමාජ සංසදය විසින් එක්සත් ජාතීන් වෙත යවා ඇති සන්දේශයක දැක්වේ.
 

 

 


 

 

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්