සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් අද(11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.
ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ විසින් පාස්කු  ප්‍රහාරය පිළිබදව පසුගියදා සිදු කළ  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙනි. 
 
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවස්ථා දෙකක දීම ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද මන්ත්‍රීවරයා එහි පෙනී නොසිටියේය .
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ තෙවන කැඳවීමකට අනුව මන්ත්‍රීවරයා අද එහි පෙනී සිටියේය.
 
 
 
ගෝඨාභයට, බැසිල්ට හා සේනාධිපතිට චෝදනා ?
 
 
 
පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් හා ඔවුන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ සිදුකළ බව කියන ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
 
පාස්කු ප්‍රහාරයට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ වගකිව යුතු බවට අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කර ඇතැයි කියන ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකු විසින් පසුගිය 07දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
 
ඒ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අදාළවයි.
 
මේ අතර අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති විසින් ද පසුගිය 08දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත   පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 

##############

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්