අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නැයි 'පොහොට්ටු' පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්
පිරිසක් ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ හමුවී ඉල්ලීමක් කර තිබේ. 
 
'පොහොට්ටුවේ' ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට හිතවත් පසුපෙළ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව ඇත. 
 
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට අවධාරණය කර ඇත්තේ, විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ග වලින් ආණ්ඩුවට බරපතල හානියක් සිදුවෙමින් පවතින බවයි. නන්නත්තාර වී සිටින විපක්ෂයට එයින් විශාල වාසියක් වී ඇතිබවත් ඔහු පෙන්වා දී ඇත. 
 
විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ලැබූ ඇතැම් ප්‍රකාශ සිය ජංගම දුරකථන මගින් අගමැතිවරයාට පෙන්වමින් ආචාර්ය රන්ජිත් බණ්ඩාර අවධාරණය කර ඇත්තේ, විමල් විරවංශ අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම සිදුකරන ප්‍රකාශ බවයි.
 
විමල් විරවංශ අමාත්‍යවරයාගේ ඇතැම්  ප්‍රකාශ හරහා ආණ්ඩුවේ දෙකඩ වීමක් ප්‍රදර්ශනය වන හෙයින් පක්ෂකයින් මේවනවිට බරපතල ලෙස දුර්මුඛ වී ඇති බව ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.
 
විමල් විරවංශ සමග උත්සවවලට සහභාගී නොවන්නැයි මෙහිදී සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
 
''අපි ජනාධිපතිතුමා හමුවෙලත් මේ ගැන කිව්වා. එතුමා අපි කියපු කාරණා පිළිගත්තා. ජනාධිපතිතුමා දැන් දන්නවා විමල් ඇමතිතුමාලා මොකටද එන්නේ කියලා. එත් ඔබතුමාගේ හොඳ කමට ඔබතුමා තමයි විමල් ඇමතිතුමාව රකින්නේ. එත්, මේ විදියට ගියොත් නම් ඔබතුමාටත් විශාල කැළලක් වෙනවා. ආණ්ඩුවත් ඉවරයි. පක්ෂයත් ඉවරයි.'' යයි මන්ත්‍රීවරයකු මේ අවස්ථාවේදී සඳහන් කර තිබේ.
 
2006 දී අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර හා ශ්‍රීපති සුරියආරච්චි ආණ්ඩුවෙන් නෙරපූ ආකාරයට විමල් විරවංශ හා උදය ගම්මන්පිල එලියට නොදමුවහොත් ඉදිරියේ දී බරපතල තත්වයකට මුහුණදීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි  ඇතැම් මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවේ සඳහන් කර තිබේ.
 
ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ කාරනා සාකච්ජා නොකරන්නේ ඇයි දැයි අගමැතිවරයා මෙහිදී කල විමසීමේදී පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ, 'ඒ පිරිස ගෘප් මීටින් වලට නොඑන බවකි. 
 
 
 
ශවේන්ද්‍ර ගැන අනතුරු ඇඟවීමක් ?
 
SS
එම සාකච්ජාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අගමැතිවරයා පෞද්ගලිකව හමුවී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තාවේ. 
 
'2010 ෆොන්සේකා කළා වගේම දෙයක් 2024 දී වෙන්න ඉඩ තියනවා. ශවේන්ද්‍ර හමුදාපතිතුමා ගැන සැලකිල්ලෙන් ඉන්න. ඥාන මෑණියෝ තමයි ජනාධිපතිතුමාට ශවේන්ද්‍ර ගැන සහතික දෙන්නේ. දැන් විමල් ඇමතිතුමාගේ කට්ටියත් ඥාන මෑණියන්ගේ එක්කම තමයි ඉන්නේ. ඔබතුමා මේවා ගැන හොයල බලන්න ..'' එක් මන්ත්‍රීවරයකු අගමැතිවරයාට පැවසු බවද වාර්තා වේ.
 
 
 
බැසිල් - විමල් ගැටුම 
 
 
බැසිල් රාජපක්ෂ හා විමල් විරවංශ දෙදෙනා අතර දිගුකලක් පැවති 'සිතල ගැටුම' කරලියට පැමිණියේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමක් සමග හවුලේ සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවත් සමගය. 
 
එම යෝජනාවලිය බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත ඉදිරිපත්වුවක් වන අතර විමල් විරවංශ අමාත්‍යවරයා වහාම ඊට එරෙහිව ආණ්ඩුවට පක්ෂපාති ජාතික සංවිධාන බලමුළු ගන්වමින් සිදුකල විරෝධය හමුවේ බැසිල් ඇතුළු කණ්ඩායමට සිය අදහස අතහැර දැමීමට සිදුවිය. 
 
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වුයේ ආණ්ඩුවේ පාර්ශවයෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කව්රුන්ද යන කාරණය සම්බන්ධයෙන් පැනනැගී ඇති අවුල නිසාය.  ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමාගේ අදහසක් නැතැයි ජනාධිපතිවරයා පවසා තිබීම මෙම අර්බුදයට හේතුවී තිබේ.
 
 
 
'මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල්'.- අනුර
 
එම කාරණය අනාවරණය කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ, මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇති බවකි.
 
එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා කියයි.
 
ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ බැසිල් රාජපක්ෂ බව ද ජවිපෙ නායකයා පවසයි.
 
ඔහු එබව  ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

 

 


 

 

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්