කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර හමුදා ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍

ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකරන ලද ආරාධනාවකට ජාත්‍යන්තර වශයෙන් බරපතල අපවාදයක් එල්ලවෙමින් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව මියන්මාර හමුදා නියෝජිතයන්ට නිල වශයෙන් ආරාධනා කර ඇති බවයි.
 
එළැඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති රැස්වීමක් සඳහා මෙම ආරාධනාව විදේශ අමාත්‍ය ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් යොමු කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, මියන්මාර වත්මන් විදේශ ඇමතිට ආරාධනා කරන ලද්දේ මියන්මාරය BIMSTEC සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හෝ අත්මිටුවීමට නොහැකි නිසා බවයි.
 
කෙසේ නමුත් ඉන් මියන්මාර හමුදා රජය පිලිගැනීමක් අදහස් නොකරන බවත් ඒ ගැන ස්ථාවරයක් ගෙන නැති බවත් විදේශ ලේකම්වරයා සදහන් කර ඇත.
 
රොයිටර් පුවත් වාර්තාවේ මෙසේ සඳහන් වේ.
 
 
 
Dinesh Letter 
 
මෙසේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා මියන්මාර මිලිටරි ජුන්ටාවට නිල වශයෙන් පිළිගැනීමක් ලැබෙන පරිද්දෙන් කටයුතු කිරීම හෙළාදකිමින් #ProtestSriLanka යනුවෙනු හෑෂ්ටැග් එකක් ද ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල තුළ නිර්මාණය වී තිබේ. 
 
කුමන්ත්‍රණයකින් බලය ලබා ගත් මියන්මාර් හමුදා පාලනයට සහ එම ප්‍රජාතන්ත්‍ර විරොධී පාලනය පිළිගන්නා ආකාරයේ සහයෝගකින් කටයුතු කරන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව සහ අඛණ්ඩව සිදුවන මියන්මාර් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සහය පළකරමින් ඊයේ (10) කොළඹ මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක් පැවැත්විණ. 
 
මියන්මාරයේ නිදහස් හමාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී යුධ පාලකයින්ගේ ජනතා විරෝධී පාලනය වහා හකුලා ගන්නා ලෙස බලකරමින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ, මියන්මාර ජනතා සහයෝගීතා කමිටුව විසිනි.
 

Burma 2021.03.11

 
 

 

 


 

 

සීනි මාෆියාවේ හතර මායිම ඉරාන් හෙළිකරයි

 


බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්