theleaderlk 01

ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම
සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ල ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකිරීමට තීරණය කර තිබේ.
 
හෙට (12)පෙ.ව 10.00ට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරකසභික නීතිඥ සුනිල් වටගලගේ සහභාගිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම පැමිණිල්ල ගොනුකිරීමට නියමිතය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කර තිබේ.
 
 
 
සජබ වෝහාරික විගණනයක් ඉල්ලයි
 
මේ අතර ආනයනික සීනි සඳහා කිලෝවකට ශත 25 ක බද්දක් අය කිරීම නිසා රජයට සිදු වූ පාඩුව පිළිබඳ වෝහාරික විගණනයක් කරන ලෙස ජාතික සමගි පෙරමුණ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
 
මේ වන විට රජයට බිලියන 15.9 ක පාඩුවක් විදිමට සිදුව ඇතැයි ගණන් බලා ඇති අතර සැබෑ පාඩුව ගනන් බැලීම සඳහා වෝහාරික විගණනයක් කරණ ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා කීය.
 
 මීට අමතරව මෙම බදු අඩු කිරීමෙන් රජයට සිදු වූ පාඩුව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බවත්, ඊට පෙර මෙම බදු සංශෝදනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 


 

 

 

සීනි මාෆියාවේ හතර මායිම ඉරාන් හෙළිකරයි

 


බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

නවතම පුවත්