ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා පිරිසකගේ සහභාගිත්වයෙන් ‘යුක්තිය උදෙසා යතිවර පාරමිතාව’
නමින් සත්‍යග්‍රහයක් අද (11) පස්වරුවේ දී කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ආරම්භ විය.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මගින් බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කිරිමට නිර්දේශ කිරීමට එරෙහිව භික්ෂු සංවිධාන එකමුතුව විසින් මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබේ.
ආණ්ඩුව විසඳිය යුතු ප්‍රශ්න කීපයක් ඇතුළත් යෝජනා වලියක් මාර්තු 11 ප්‍රකාශය නමින් මෙහිදී ඉදිරිපත් කළේය.
මෙම සත්යග්රහාරහයට පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිවරු ඇතුලු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා එක්ව සිටියහ.
පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළිදරව් කරන බෞද්ධ සංවිධාන සහ බෞද්ධ නායකයන් නිහඬ කිරීමේ වෑයම මෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට නිසි දඬුවම් දීම යන කරනා උදෙසා බලකිරීම ද මෙම සත්‍යග්‍රහයේ අරමුණු ලෙස ප්‍රකාශයට පත් කෙරින.
සීනි මාෆියාවේ හතර මායිම ඉරාන් හෙළිකරයි
බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි