ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ආණ්ඩුවට හානි වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවත්, ඔහු පිළිබඳව දැඩි පියවරක් නොගතහොත් ඉදිරි අයවැයේ දී විමල් විරවංශ අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය
පරාජය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂට ප්‍රකාශ කර ඇතැයි 'අනිද්දා' ජාතික පුවත්පත වාර්තා කරයි.
 
 
පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ආණ්ඩුවෙන් තනතුරක් නොලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු මාර්තු දහවෙනිදා අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මුණගැසී එසේ ප්‍රකාශකර ඇතිබවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවෙන් සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා, ඒ අරමුණෙන් යුතුව ආණ්ඩුව විවේචනය කරමින් සිටින බවද එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාට පැහැදිලි කර ඇත. 
 
විමල් විරවංශ ඇමතිවරයා විසින් පසුගිය දින කිහිපයේ කල ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුලත් වීඩියෝ පෙළක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් එම හමුවේදී ඔහුගේ දුරකතනයෙන් අගමැතිවරයාට පෙන්වා තිබේ.
 
මෙම  සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රීවරයකු 'අනිද්දා' පුවත්පතට පවසා ඇත්තේ, විමල් විරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දැකීමෙන් අගමැතිවරයා කෝපයට පත්වූ බවයි.
 
 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පාවිච්චි කරමින් වත්මන් ජනාධිපති ජනාධිපතිවරයා බලයට පත්වූ බවට ප්‍රකාශයක් කළ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රහස් පොලිසියට ගොස් පැමිණිලි කළ දිනට පසුදින, විමල් වීරවංශ අමාත්‍යවරයාට ආණ්ඩුවේ නායකයන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බව හැඟවෙන ප්‍රකාශයක් කර ඇතැයි එම මන්ත්‍රීවරුන් පෙන්වා තිබේ.
 
 
 
විමල් තක්කඩියෙක් ලු ? - නවක මන්ත්‍රී කියයි 
 
ආණ්ඩු පක්ෂයේ 2024 ජනාධිපති අපේක්ෂකයා විමල් ද ? බැසිල් ද? යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට ආණ්ඩුව තුල බරපතල මත ගැටුමක් මතුව ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවනබවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයින්ට මේවනවිටත් පැහැදිලිව දැනුම්දී ඇති තත්වයක් තුලය.
 
එම තත්ත්වය තුළ මේවනවිට විමල්ට හා බැසිල්ට පක්ෂව ආණ්ඩුවේම පාර්ශවයන් මාධ්‍ය ඔස්සේ එකිනෙකාට එරෙහිව අදහස් දක්වමින් සිටිති.  
 
 
 
 
sahan 2021.012
 
 
 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී 'පොහොට්ටු'  පක්ෂයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, අමාත්‍ය විමල් විරවංශට එරෙහිව කරුණු දක්වමින් පැවසුයේ විමල් දේශපාලන තක්කඩියකු බවයි.
 
''විමල් විරවංශ මැතිතුමා ප්‍රකාශයක් කරනවා දේශපාලනයේ තක්කඩියෝ ඉන්නවා කියලා. ඇත්තටම අපි කියන්න ඕන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉන්න නායකයෝ මේ රටේ ජනතාවට ආදරය කරන, පරිසරයට ආදරය කරන සංවේදි නායකයෝ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තක්කඩියෝ නෑ.
 
හැබැයි සමර වෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වුණු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයේ දේශපාලන තක්කඩියෝ ඉන්න පුළුවන්. එහෙට මෙහෙට රිලව් වගේ පැනලා අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වැඩපිළිවෙල හයියෙන් ගිරියටින් කෑ ගහලා ප්‍රකාශ කරන්න පුළුවන්.
 
එත් මේ රටේ වැඩ කොටස කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ ලේකම් ඒ කාලේ.
 
ඒ නිසා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ දේශපාලන තක්කඩියෝ නෑ. හවුල්කාර පක්ෂය තුළ සමහර විට ඔය කියන දේශපාලන තක්කඩියෙක් ඉන්න පුළුවන්’
 
ඉදිරි ජනාධිපතිවරණයට ආණ්ඩුවේ පාර්ශවයෙන් ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ බව ඔහු පවසයි. 

 
 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image