වර්තමාන ආණ්ඩුව සීනි බදු සම්බන්ධයෙන් කරන ලද විකාරරූපී තීරුබදු ගැලපීම නිසා
වෙළඳපොළේ සීනි මිළ විශාල වශයෙන් උච්ඡාවචනය වී ඇති බව සීනි ආනයන සහ බදු පැණවීම සම්බන්ධව මුදල් අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ඉදිරියේ කරන ලද වාර්තාවෙන් පෙන්වා දී ඇත.
 
2019 වර්ෂයේ ජනවාරි මස සිට 2019 දෙසැම්බර් 31 දක්වා යහපාලන රජය සමයේ වෙළඳපොළ මිළ වෙනස් වී ඇත්තේ රුපියලකිනි.
 
එනම් 2019 ජනවාරි මස වෙළඳ මස වෙළඳපොළ මිළ රුපියල් 106/= ක් වූ අතර දෙසැම්බර් මාසයේ වෙළඳපොළ මිළ රුපියල් 107/= කි. 
 
suger 1 
 
විදේශ විනිමය අනුපාතයම වෙනස් වුවද නිවැරදි මිළ ප්‍රතිපත්තියක් සහ ආනයන බදු ප්‍රතිපත්තියක් අනුගමණය කිරීම නිසා පාරිභෝගිකයාට සාධාරණ මිළකට සීනි ලබා දීමට හැකි වූ බව මංගල සමරවීර පවසයි.
 
2015 - 2019 කාලයේ සිටි යහපාලන මුදල් ඇමතිවරුන් දෙදෙනාට ස්වාධීන තීරණ ගැනීමටත් ජාත්‍යන්තර තත්වය යටතේ තීරු බදු ගැලපීම් කිරීමට හැකියාව ලැබුණු අතර ජනාධිපතිවරයාගේ කිසිදු මැදිහත් වීමක් සිදු නොවුණි.
  
2020 - ජනවාරි සිට දෙසැම්බර් දක්වා සීනි මිළ රුපියල් 107/= සිට 139/= දක්වා උපරිම මිළකටත් පසුව ක්‍රමිකව රුපියල් 114 දක්වා අඩු වී ඇත. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යයේ නිලධාරීයෙකු සඳහන් කර සිටියේ, ගජ මිතුරන් වෙනුවෙන් කිසිදු තීරුබද්දක් වෙනස් කිරීමටත් ගැසට් නිවේදන නිකුත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා උපදෙස් නොදුන් බවයි.
 
 
 
සබැඳි පුවත් :
 

 


 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්