කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනයට

යොමු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

 
' නෙත් නිවුස් 'කළ කරුණු විමසීමකදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන සඳුදා වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇති බවයි. 
 

 
කෙසේවුවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් දැක්වුවද නිරෝධායන ජාවාරමේ නිරත හෝටල් හිමියන් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ඊට බාධා පමුණුවන බවයි. 
 
කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ආණ්ඩුවට හිතවත් හෝටල් හිමියන්ගේ නිරෝධායන ජාවාරම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ආණ්ඩුව හා විශේෂයෙන් ජනාධිපතිවරයාව විවේචනයට ලක්කරමින් සිටිති.
 
 
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල යලිත් වරක් සංසරණය වෙමින් පවතින වීඩියෝවක් පහත දැක්වේ.
 
 

 


 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්