තම පවුලේ සහෝදරයින් අතර ගැටුමක් ඇතිකිරීමට කිසිවකුට හැකියාවක් නැති බවත්,
තමන් එවැන්නකට කිසිඳු ඉඩක් නොතබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටියි. ''එහෙම අර්බුද හදන්න පුළුවන් පවුලක් නෙමෙයි අපි'' ඔහු අවධාරණය කරයි.
 
ඔහු එවැනි අවධාරණය කර සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. එම සංසදයේ සාමාජිකයින් 153 දෙනා අතරින් 108 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියේය.
 
මහින්ද රාජපක්ෂ යනු ආසියාවේ පරිනතම රාජ්‍ය නායකයා බව කියා සිටි ජනාධිපතිවරයා, තමා රටේ ජනාධිපති වුවද ඔහු වැනි අයකුගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් බවද මෙහිදී පැවසිය.
 
විවිධ පුද්ගලයින් තම පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි අර්බුද තම පවුල තුළ නිර්මාණය කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී අවධාරණය කළේය.
  
''අපේ පවුල ඇතුලේ බේද ඇතිකරන්න කාටවත් බැහැ. කව්රුහරි අපේ පවුලේ සහෝදරයින් අතර ගැටුමක් ඇතිකරන්න ගියොත් මම එකට ඉඩ තියන්නෙත් නැහැ ..'' යයි ජනාධිපතිවරයා පැවසිය.
 
 
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
 
“අපි සමස්තයක් විදියට එකට ක්‍රියාත්මක වුණොත් තමයි රජයක් සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අපේ විතරක් නෙමෙයි මුළු ආසියාවේ ම ශ්‍රේෂ්ඨ නායකයෙක් බව කවුරුත් දන්නවා. 
 
එතුමාගේ ප්‍රබුද්ධ දේශපාලන දැනුමට කිසිවෙකුට ළං විය නොහැකියි. එවැනි නායකයෙක් නායකත්වය දෙනකොට රට ගෙනියන මට විශාල සහනයක් කියලා හිතෙනවා. 
 mahinda rajapaksa basil rajapaksa
අපි ජයග්‍රහණය කිරීමේ දී ප්‍රධානම සාධකය මහින්ද රාජපක්ෂ කියලා මට හිතෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ රජයක් බිහි කරලා රජයක් නිර්මාණය කරන්න රටේ වාතාවරණය සකස් කිරීම ගැන අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මෙවැනි නායකයින් දෙදෙනෙක් ඉන්න රජයක් ඉදිරියට ගෙනයෑමට ඉතාම පහසුයි. ඒ නායකත්ව දෙකම රජයක් ගෙනයෑමේ දී මම බලාපොරොත්තු වෙනවා. 
 
මහින්ද රාජපක්ෂ මහතා කොපමණ දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවක දී කිසිම බලපෑමක් කරලා නෑ කිසිදු පත්වීමක දී. මම හොඳටම දන්නවා එතුමා කිහිපදෙනෙකුට කියලා තියෙනවා ගෝඨාට මේක කරගෙන යන්න දෙන්න කියලා. 
 
ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාත් කිසිදු අවස්ථාවක දී කිසිදු බලපෑමක් කිසිදු පත්වීමට හෝ කිසිදු දේකට. 
විශේෂයෙන් අවුරුදු 60කට ආසන්න කාලයක් දේශපාලනය කරපු නායකයෙක් වෙනකොට ඔහු වටා විශාල පිරිසක් එකතු වෙනවා. 
 
මම දන්නවා විජේරාමයේ දොරක් අරින්න බෑ පිරිලා සෙනඟ. එතුමාගේ අපහසුතාවයත් මම හොඳාකාරව දන්නවා නමුත් අපි කිසිම විටක අර්බුදයක් නැතුව මේ රට ගෙනියනවා කියලා මම නිර්භයව කියනවා. ''
 

 

 

 
 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්