ප්රචණ්ඩ ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ වාර්ගික අසමගිය ඇති කිරීමට හේතු වූ හෝ සැක කිරීමට
සැකපිට යටත් වන හෝ අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙකු නඩු නොවිමසා පුනරුත්ථාපන කදවුරකට යැවිමට බලය පැවරෙන ගැසට් නිවේදනයක් ජනාධිපති රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.
රජය විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත්තේ, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් ලෙස හඳුන්වමිනි.
ඒ අනුව එම වරදට අත්අඩංගුවට ගන්නා අයවලුන් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරිම සම්බන්ධයෙන් වන නියෝග මෙම අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව පොලිස් නිලධාරියෙකු නොවන යම් තැනැත්තෙකු වෙත භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන යම් තැනැත්තෙකු එලෙස භාරවී පැය 24ක් ගතවීමට මත්තෙන් ආසන්නතම පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතුය.
එමෙන්ම මෙලෙස භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානය භාර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විමර්ෂණ සිදුකිරිම කාර්ය සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
එම විමර්ෂණ වලට අනුව අදාළ තැනත්තා නිශ්චිතව වරදක් කර ඇත්නම් නීතිය ප්‍රකාරව ක්‍රියා මාර්ග ගැනීම සඳහා එම කාරණා නීතිපතිවරයා වෙත යොමු කළ යුතුය.
එලෙස භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන අය සිදුකරන ලද වරදේ ස්වභාවය අනුව එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුල පුනුරුත්ථාපනයට ලක් කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට නිතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග අදාල තැනැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි වලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇත්ද යන කාරණය ගැන සලකා බැලීමෙන් පසු වසරකට නොවැඩි කාලයක් සඳහා පුනුරුත්ථාපානය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකිය.
මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබූ භාරවන්නෙකුට හෝ අත්ඩංගුවට ගනු ලැබූ තැනැත්තෙකුට මධ්‍යස්ථාන භාර නිලධාරියාගේ අවසරය ඇතිව සෑම සති දෙකකට වරක් අවස්ථාවෝචිත පරිදි සිය දෙමව්පියන්, ඥාතින් හෝ භාරකරු හමුවිය හැක.
සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ
චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි