1200 x 80 DMirror
 
 

ලෝක උරුමයක් ලෙස නම් කළ දුම්බර මිටියාවතේ පිහිටි සුවිශේෂී බිම්කඩක සිදුකෙරෙන ඉඳිකිරීමක්
සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ බලවත් විරෝධයක් එල්ලවී තිබේ.
 
2015 වර්ෂයට පෙරද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විශාල ඉඳිකිරීමක් මෙහි සිදු කරුණ අතර වර්තමානයේ දීද වර්ග අඩි 500 ක් ඉක්මවන බිම්කඩක් භාවිතයට ගෙන ජනතා විරෝධය මධ්‍යයේ ඉදිකිරීමක් සිදුකෙරෙමින් පවතී.
 
2021 මාර්තු 05 වන දින පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවිරත්න විසින් මෙම ඉදිකිරීම පාරිසරික පද්ධතියට තර්ජනයක් බැවින් එය නතරකොට ආසන්න සුදුසු භූමියක් පිටවල ගම තුළ තෝරා ගෙන එම ඉදිකිරිම සිදු කරන ලෙස ඉල්ලා සිටියාය. 
 
එහිදි ආණ්ඩුකාරවරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන අයද එම අදහස සුදුසු බව පිළිගනු ලැබුවද කමිටු සභාපතිට අවශ්‍ය වූයේ එහිම ඉදිකිරීමටය. 
 
මන්ත්‍රීවරියගේ දැඩි බළපෑම මත මාර්තු 11වනදා ඉදිකිරීම් තාවකාලිකව නතර කර ඇත.
 
Dumbara 3
Rohini Dumbara 3
Rohini Dumbara 2
Rohini Dumbara 1
අනවසර ඉඳිකිරීම් ගැන සොයාබැලීමට ගිය රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය 
 
 
හෙක්ටයාර්10 ක පමණ බිම්කඩකින් හා 6cm - 10cm තුනී පස්තට්ටුවකින් සමන්විත වූ විශාල ජෛව විවිධත්වයකින් යුතු අති සංවේදී පාරිසරික කළාපයක් වන පිටවල පතන 2010 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස නම් කළ දුම්බර මිටියාවතේ පිහිටි සුවිශේෂී බිම්කඩකි.
 
පතං අල, නිල් මොණරැස්ස, කඳුලැස්ස, වටැස්ස, යන ශාක විශේෂ මෙන්ම රළු ගල්පර මැඩියා, වක්නි හූනා යන සත්ත්ව විශේෂ මෙම පිටවල පතනටම ආවේනික වූ ශාක හා සත්ත්ව විශේෂ වේ. 
 
 Wanki Huna
වක්නි හූනා : මේ ප්‍රදේශයට ආවේනික සත්වයෙකි. දැනට සොයාගෙන ඇත්තේ සතුන් දෙදෙනෙකු පමණි.
 
පුංචි ලෝකාන්තය හා ලංකාවේ විශාල ප්‍රමාණයක් ඈත කඳුවැටි දැකිය හැකි ස්ථානයක් ලෙසද මෙම බිම්කඩ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් දිනාගැනීමට සමත්ව ඇත.
 
පිටවල පතනේ ඇති ශාක වසර 300-400කටත් වඩා පරණ ගස් ඇති අතර ඒවා කුරු වනාන්තර ලෙස දැකිය හැක. 
 
Watessa
වටැස්ස
 

Kadulessaකඳුලැස්ස 

 Nilmonaressa
නිල් මොණරැස්ස
Pathan ala
පතං අල
Dutusathutu දුටු සතුටු
 
මෙම ඉදිකිරීම සඳහා ගස් 15-20 ත් අතර ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර වන සංරක්ෂණ නිළධාරීන් පවසන්නේ වට 20 cm වූ එක ගසක් ඉවත් කළ බවයි. නමුත් විශාල මුල් සහිත කඳකොටස් දැකිය හැකි අතර ඇතැම් ඒවා 30cm වටප්‍රමාණයක් ඉක්මවයි.
 
සෝදාගෙන ගිය සිමෙන්ති තට්ටු බිම්කඩ වසාගෙන ඇත. පතනේ ගල් තලාවන්ගෙන් ගලවාගත් ගල් පතුරු බැමි බැඳීමට යොදාගෙන ඇති බව දක්නට ලැබේ. 
 
ජනතාව පවසන්නේ මේ ඉදිකිරීම යට විශාල මුදල් වංචාවන් පවතින බවයි. ඇතැම් දේශපාලකයින් මෙන්ම, මහවැලි රක්ෂිතය ආරක්ෂා කිරීමට බැඳී සිටින දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරිද ඊට සම්බන්ධ බවට ජනතාව චෝදනා කරති.
 

 

 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්