සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ බෞද්ධයන් ලෙස පන්සල් යෑම අනිවාර්ය කළයුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
 
 
පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය. 
 
ඊට සමගාමීව මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීම ද සිදුවිය.
 
විහාරස්ථානයට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ, විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුබ පැතුම් එක් කළේය.
 
"අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි. එසේ නොවුනොත් සිදුවන්නේ විශාල විනාශයක්, දරුවන් දහම්පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළයුතුයි. '' යයි එහිදී අවධාරණය කළ අගමැතිවරයා තවදුරටත් මෙසේද පැවසිය. 
 
''අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසිපරිදි සිදුවෙනවා. අද බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා. නමුත් අනිත් ආගම්වල ආනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා. බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි. පන්සල සමග ඇති සබදතාව දරුවන් තුළ ඇති කළ යුතුයි. එසේ නොවුනොත් ගමත් පන්සලත් ඈත් වෙනවා. සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත් පන්සලත් එකට පවත්වාගෙන යා යුතුයි."
 
"ගමේ පන්සල තමයි කේන්ද්‍රස්ථානය, ගමේ ජනතාවට පන්සල සමග කටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරු කරවීම අපේ වගකීමක්." යයි ද අගමැතිවරයා පැවසිය. 
 
බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේවනවිට තීන්දු කර ඇත. 
 

02

03

05

06

 

 

 


 

 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්