වත්මන් රජය සීනි වලින් පමණක් නොව පොල් තෙල් වලින් පවා හොරකම් කිරීමට පටන් ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 

ඔහු එබව කියා සිටියේ කතරගම ඊයේ(13) පැවති ජන දුක විමසූ සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී ය. 
 
 
සීනි මගඩියෙන් රජයට අහිමි වූ මුදලේ වටිනාකම පැහැදිලිකරමින් විපක්ෂනායකවරයා මෙසේ සඳහන් කළේය. 
 
"බලන්න මිත්‍රවරුනි මේ සීනි හොරකමෙන් මේ රටට සිදුකළ අලාභය වන රුපියල් කෝටි 1590 ක මුදලින් තව පී.සී.ආර්. පරීක්ෂණ කීයක් කරන්න තිබුණ ද ? 
 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෝවිඩ් මර්දන බළකායේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල කෙතරම් අරන් දෙන්න තිබුණද ?
 
 ලක්ෂ 220 ජනතාවක් සිටින මේ රටේ ජනතාවට මාත්‍රා 440 ක් අවශ්‍ය වෙනවා. ඒටික අරන් දෙන්න බැරි ආණ්ඩුවක්. ඒක සැලසුම් කලේ නැහැ. මේ රුපියල් කෝටි 1590 හොරකම් කරන්නෙ නැතුව මධ්‍යම බෙහෙත් ශාලා කීයක් හදන්න තිබුනද ? 
 
ප්‍රාදේශීය රෝහල් කීයක් හදන්න තිබුනද? 
 
මහ රෝහල් කීයක් හදන්න තිබුනද? 
 
කෝවිඩ් මර්දනය සඳහා එක්තරා උපකරණයක් තියෙනවා රටේම තියෙන්නේ ඒ උපකරණ දෙකයි. ඒ උපකරණ තව කීයක් ගන්න  තිබුණද ? 
 
''මොකක්ද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. 69 ලක්ෂයක ජනතාවක් මං මුලා කරලා හොරකම් කරනඑක විතරයි. සීනි හොරකමට රැපියල් 50 බද්ද ශත 25 ට අඩුකලා මිසක් සීනි මිල අඩු කලා ද ? නැහැ. එකක් නම් කරලා තියෙනවා. රැපියල් කෝටි 1590 පාලකයින්ගෙයි ගජමිතුරන්ගෙයි සාක්කු පුරෝගෙන තියෙනවා.''
 
 
පොල්තෙල්වලින් ගසා කෑමේ ව්‍යාපෘතිය ?
  
'සීනි මැදින් පසු පොල්තෙල් ජාවාරමකින් හරහා  මහජන මුදල් ගසා කෑම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව පැවසු විපක්ෂ නායකවරයා,  ''මින් පස්සෙ මොනව ගසා කයිද දන්නෙ නැහැ. '' යයි කියා සිටියේය.
 
''අද වෙනකොට රටට අවශ්‍ය එන්නත් ටික ගෙන්ව ගන්න බැහැ. රෝහල් ක්ෂේත්‍ර ගොඩනගන්න බැහැ. හෘද සැත්කම් වසර ගණනාවකට ගොඩ ගැසිලා පෝලිමක් තියෙනවා. ඒ හෘද සැත්කම් පෝලිම කෙතරම් අඩු කරන්න තිබුණ ද? 
 
පිළිකා රෝහලේ අසරණ රෝගීන්ට මිළ අධික බෙහෙත් පිටතින් ගන්න කියනවා. මේ වංචාකර මුදලින් මේ බෙහෙත් ටික නොමිලේ අරන් දෙන්න තිබුණා.
 
නමුත් හැට නව ලක්ෂයක් ජනතාව රවටල මේ රටට ඉමහත් ශාපයක් ඇති කරලා තිබෙනවා. මේ ශාපයෙන් රටත්, ජනතාවත් මුදවා ගන්න සමගි ජන බලවේගය සූදානම් බව මා ප්‍රකාශ කරනවා.'' යයි ද ඔහු අවධාරණය කර සිටියේය. 
 
 
 
මහා පරිමාණ සංවර්ධන වැඩ හයිජැක් කරන බළල් අත කාගෙද?
 
මේ අතර හම්බන්තොට පහල අන්දරවැව පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ඇමතිවරු පඹයින් කරන අලුත්ම චක්‍රලේඛයක් ප්‍රකාශයට පත්ව ඇති බවයි.
 
මහා පරිමාණ සංවර්ධන වැඩවලට අමාත්‍යවරයාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ උවමනාවට අනුව ආරම්භ කළහැකි බවට චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බව විපක්ෂ නායකවරයා එහිදී පැවසිය.
 
 මේ හරහා සූදානම් වන්නේ සීනි හොරකමෙහි දෙවෙනි ඉනිම ආරම්භ කිරීමට බවත් ඒ හරහා හොර පාරෙන් මහජන මුදල් ගසා කෑමට මාර්ගය සකසා ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

 


 

 

 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්