ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහට එම තනතුරින්
ඉවත්නොවන ලෙස ආණ්ඩුවේ ඉහලම බලධාරීයකු ගෙන් දැනුම්දීමක් ලැබී ඇතැයි වාර්තාවේ. 
 
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි
ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මාර්තු 11 වැනිදා පස්වරුවේ දැනුම් දී ඇතැයි මෙරට ප්‍රධාන ධාරාවේ සියලුම මාධ්‍ය පාහේ වාර්තා කර තිබිණ.
 
කෙසේවුවද තමාව පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් හෙයින් ඉවත්වීම ගැන තීන්දුවක් ගන්නේ ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව බවත් ගුවන් විදුලියේ සභාපතිවරයා තම හිතවතුන්ට පවසා තිබිණ. ඒ අනුව සභාපතිවරයා අද ජනාධිපතිවරයා හමුවී තමන්ට එරෙහි චෝදනා ගැන කරුණු දැක්වීමට නියමිතය. 
 
 
''මට අයින් වෙන්න කියල නැහැ''
 
මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් පවසන්නේ, 
''ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත්, ඇමතිතුමාවත් මට අයින් වෙන්න කියල නැහැ'' කියාය. 
 
තමා තවමත් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස සේවය කරන බවත්, අමාත්‍යවරයා තමා වෙත දැන්වූයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් ලිපි ලබාදෙන ලෙස පමණක් බවත් ජගත් වික්‍රමසිංහ සඳහන් කරයි.
 
සංස්ථාවේ උඩරදැල්ල විකාශනාගාරයට අයත් ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දී ඇති බවට හා ගුවන් විදුලි සංස්ථාවේ සංඛ්‍යාත වෙනත් පාර්ශවයකට පවරා ඇති බවට පලවන පුවත් වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔහු අවධාරණය කර සිටියි.
 
''ඇයි මෙහෙම බොරු ප්‍රචාර යවන්නේ'' යයි විමසන සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ඉහල ම නිලධාරියකු ගැන සැක මතු කරන බවක් පෙනේ. 
 
එසේම, බැසිල්ට පක්ෂ හා විපක්ෂ ලෙස ආණ්ඩුවේ අභ්‍යන්තරය තුල පවතින ගැටුම ද ගුවන් විදුලියේ සභාපති සම්බන්ධ කාරණයට බලපා ඇතිබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජනමාධ්‍ය ඇමති කෙහෙළිය බැසිල් විරෝධියකු ලෙසට හඳුනාගෙන තිබීම ඊට හේතුවයි.
 

 
 
 
සබැඳි පුවත් :

 

 

 


 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්