2020 ඔක්තෝබර් 13 දින සිට 2021පෙබරවාරි 20 දින දක්වා සීනි ආනයනය බදු සහ වෙළඳපළ හැසිරීම
පිළිබඳ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත මුදල් අමාත්‍යංශයේ "වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති" දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව නිසා මේ වන විට මුළු රාජ්‍ය ක්ෂේත්රය ම බරපතල අවුලට ගොස් ඇත.
මෙම වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමඟම රජයේ නිලධාරීන් මෙන්ම ආණ්ඩුවේ දෙවනපෙළ මැති ඇමතිවරුන් එම වාර්තාව එක් එක් ආකාරයට විග්රහ කිරීමට පටන් ගෙන තිබේ.
මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ, අමාත්‍යංශය ලේකම් එස්.ආර්. ආටිගල මේවනවිට බරපතල ආතතියකින් පසුවන බවයි.
ඔහු මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් වුවද ඔහුව හසුරවන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසිනි.
මුදල් අමාත්‍යාංශය පසුගිය මාස 14 ක් තුල ගත් තීරණ සියල්ල පිටිපස සිටින්නේ ජනාධිපති ලේකම්වරයායි. හඩ ආටිගලගේ වුවද කට ජයසුන්දරගේය.
එය විදේශීය තානාපති කාර්යාල මෙන්ම ආධාර ලබා දෙන ජාත්‍යන්තර ආයතන පවා හොඳින්ම දන්නා කාරණයකි.
පී. බී. කෝප වී යකා නටයි ?
සීනි ආනයනයේදී රුපියල් 50/= තීරුබද්ද රුපියල් ශත .25 දක්වා අඩු කිරීම නිසා එයට සාපේක්ෂව වෙළඳපොළේ සීනි මිළ රුපියල් 49.75 කින් අඩු නොවූ බවත් අනවශ්‍ය අවස්ථාවක අනවශ්‍ය ආකාරයට ගත් මේ තීන්දුව නිසා රජය මෙන්ම වෙළඳුන්ද අපහසුතාවයට පත් වූ බවත් දැන් රටම දන්නා තිත්ත ඇත්තකි.
කෙසේ වුවද අවසානයේදී සිදු වූයේ ආර්ථික අමාරුකම් වලට මුහුන දෙමින් සිටින රජයට ලැබිය යුතු රුපියල් කෝටි 1560 ක් පමණ අහිමි වීම පමණි.
මුදල් අමාත්‍යංශය විසින් සීනි මගඩියට අදාලව පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාවට වාර්තාව
ලබාදීමෙන් පසු එමඟින් හෙළිකරන ලද කරුණු රජයේ පාර්ශවයට නම් එතරම් සතුටුදායක නොවීය.
දැන් දක්නට ඇති පරිදි මෙවැනි වාර්තාවක් මුදල් අමාත්‍යාංශය තුලින්ම ඉදිරිපත්වීම පිළිබඳ වඩාත් කලබලයට පත්වුණේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරයි. ඒ, තීරු බදු අඩු කිරීම පිළිබඳව නාටකයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඔහු නිසාය.
මෙම වාර්තාවේ අන්තර්ගත කරුණු තමාටත් නොදන්වා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සියුම් පරීක්ෂාවටත් හසු නොවී අවම වශයෙන් මුදල් අමාත්‍යවරයා හෝ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් නොදැනුවත්ව මෙම වාර්තාව ගිණුම් කාරක සභාවට ගියේ කෙසේ දැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගෙන් විමසා ඇති ජනාධිපති ලේකම්වරයා, වාර්තාව සකස් කරන ලද නිලධාරීන් කවුද යන්න සොයා බලා වහාම වාර්තා කරන ලෙස දැනුම්දී ඇතැයි වාර්තාවේ.
තවද වාර්තාවේ කරුණු ජනගත වෙන බැවින් වහාම මාධ්‍ය හමුවක් පවත්වා එය රජයට පාඩුවක් නොව ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ඉහළ යන ජීවන වියදම අඩු කිරීම සඳහා සද්භාවයෙන් ගන්නා ලද තීරණයක් බවත් එමගින් රජයට මූල්‍ය වශයෙන් කිසිදු පාඩුවක් සිදු නොවූ බව රටට හෙළි කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර තිබී ඇත.
මුදල් ලේකම්ටත් ගණන් වැරදිලා ?
කෙසේ වුවද මෙම මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගල පැවසුවේ, සීනී කිලෝවක තීරුබද්ද ශත .25 දක්වා අඩු නොකලේ නම් අද වන විට දේශිය වෙළඳපොළේ සීනි කිලෝවක සිල්ලර මිළ රුපියල් 175/= ක් වන බවයි.
මෙය මුළුමනින්ම වගකීමෙන් තොර කරන ලද ප්‍රකාශයකි. එය සම්පූර්ණයෙන් වැරදිය.
අදාළ වාර්තාවේ 3 වන පිටුවේ සඳහන් වන ("CIF Value, LANDED Price and Market Price of Sugar 2020") ආනයනික සීනි වල පිරිවැය, රක්ෂණය සහ ප්රවාහණය වියදම ඇතුළුව ඒකකයක දේශීය මිළ යන ඡේදය සහ ලඝු සටහන් අනුව,
නොවැම්බර් මාසයේ දේශීය ගබඩා මිල රුපියල් 79/= කි, දෙසැම්බර් මිළ රුපියල් 85/= කි. Ex ware house price. මේ වන විටත් එම මිලේහි වැඩි වෙනසක් සිදු වී නොමැත.
සාමාන්‍ය දේශීය වියදම් ප්‍රවාහන, ගබඩා කිරීම සහ ලාභාංශය වශයෙන් සීනි කිලෝවකට එකතු කරනු ලබන්නේ රුපියල් 20/= ක පමණ ප්රමාණයකි. ඒ අනුව තීරුබදු අඩු වීමෙන් පසුව දේශීය මිළ රුපියල් 85/= ක් වී ලාභාංශය එකතු කළ පසු එය රුපියල් 105/= හෝ 110/= වනු ඇත. මුදල් ලේකම් කියන පරිදි රුපියල් 50/= තීරුබද්ද අය කළේ නම් දේශීය සිල්ලර මිළ රුපියල් 150/= හෝ 155/= වනු ඇත.
ආටිගල ලේකම්වරයා එසේ වර්තමාන මිල රුපියල් 175.00 පමන වනු ඈතැයි කියා සිටියේ ජනාධිපති ලේකම් ගෙන් එල්ලවන පීඩනය නිසා හටගත් ආතතිය නිසා විය හැකියැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසති.
ඉහලින් එල්ලවන බලපෑම් හමුවේ එස්.ආර්. ආටිගල, මිට ඉහතදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට පවා තීරණය කර තිබිණ.
රුපියල් කෝටි දහස් ගණනක හදිසි ටෙන්ඩර් ගනුදෙනු කිහිපයකට අනුමැතිය ඉල්ලා ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ගෙන් හා පසුගිය කාලයේ රටින් පලාගොස් සිට යලි අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස පත්කර සිටින කුප්‍රකට ජාවාරම්කරුවකු ගෙන් එල්ලවී ඇති බලපෑම් හමුවේ ඇතිවූ දැඩි කම්පනයක් හේතුවෙන් ඔහුට රෝහල්ගතවීමට පවා පසුගිය කාලයේ සිදුවිය.
'ද ලීඩර්' 2020 මැයි 09 දා 'භාණ්ඩාගාර ලේකම් ආටිගල විශ්‍රාම ගැනීමේ සුදානමක: හිරේ විලංගුවේ වැටෙතැයි බියෙන් රෝගාතුර වේ!' යන ශීර්ෂයෙන් යුතුව එම සිද්ධිය වාර්තා කළේය.
සබැඳි පුවත් :
සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.
සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ