''මෙරටේ තරුණ තරුණියන් පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට
මගේ පුතා විමුක්තිත් ඒ සටනේ ඉඳීවි..'' යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.
 
ඇය එබව සඳහන් කලේ ' LADY LEADER ' සමාජ මාධ්‍ය වැඩසටහනට එක්වෙමිනි.
 
විමුක්ති බණ්ඩාරනායක කුමාරණතුංග දේශපාලනයට එන්නේදැයි කළ විමසීමකදී හිටපු ජනාධිපතිනිය අවධාරණය කරන්නේ, දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයන සම්ප්‍රදාය වෙනස් කලයුතු බවයි. 
 
හොරකම් කිරීමේ අදහසින් දේශපානයට එන වත්මන් දේශපාලන සම්ප්‍රදාය වෙනස් කර, රට ගොඩනැගීමේ සැබෑ උවමනාවක් ඇති නිර්මාණාත්මක හැකියාවෙන් පිරිපුන් තරුණ තරුණියන්ට මෙරට බාරදිය යුතු බව පවසන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, පවතින දේශපාලන මඩ ගොහොරුවට තමන්ගේ දරුවන් ගෙනඒමට කිසිඳු ලෙසකින් බලාපොරොත්තු නොවන බව අවධාරණය කර සිටියි.
 
එසේ වුවත් රට හදන තරුණ බලවේගයකට තමන්ගේ පුත් විමුක්තිගේ ද සහය ලැබෙනු ඇතැයි ඇය පවසන්නීය.
 
තමන් පිළිකා රෝගයකින් පෙළුන බව පමණක් නොව, සිය දේශපාලන භාවිතයේදී මුහුණදුන් මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් අය මෙම මාධ්‍ය සාකච්ජාවේදී අනාවරණය කර තිබේ.

 

 


 

 

 
 

 

ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - රෝහාන් සමරජීව

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්