ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  (NMRA) සභාපති මහාචාර්ය අසිත ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කොට,
 මහාචාර්ය සිසිර සිරිබද්දන එම තනතුරට පත් කිරීමට ඖෂධ නිෂ්පාදනය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කටයුතු කටයුතු කරමින් සිටියි.
 
ඖෂධ නියාමන ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලංකාව තුළ සිටින ඉහලම දැනුමක් ඇති වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය අසිත ද සිල්වා එම තනතුරට පත්කරනු ලැබුවේ හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න ය.
 
එසේවුවද, ඔහුව එම තනතුරින් තනතුරින් ඉවත් නොකරනලෙස ජනාධිපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුම්දීමක් කර තිබියදී රාජ්‍ය ඇමතිවරයා ඔහුව ඉවත්කිරීමට පියවරගෙන ඇත්තේ, මහාචාර්ය අසිත ද සිල්වා සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පලවී තිබු පුවත් වාර්තා පදනම් කර ගනිමිනි.
 
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව තුල ලියාපදිංචියට අනුමැතිය නොදෙන්නේ මහාචාර්ය අසිත ද සිල්වා බවට මාධ්‍ය හරහා පසුගිය දින කිහිපයේ 'නිව්ස් ප්ලාන්ට්' කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ගේ අනුදැනුම මත බවට මේවනවිට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
තව මාස 3 යනතුරු එන්නතට ලියාපදිංචිය ලබා නොදෙන බවට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා පැවසු බවද ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක් ද වාර්තා කර තිබිණ.
 
zdfds
 
කෙසේවුවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේතාක් නොලැබී ඇති තත්වයක් තුල සායනික අත්හදා බැලීම් සඳහා අපේ රටේ ජනතාව යොදා ගැනීමට ඉඩදීය නොහැකි බවයි. මෙම එන්නත සඳහා අනුමැතිය ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යංශයෙන් දැඩි බලපෑමක් එල්ලවූ බවද ඔහු සඳහන් කළේය.
 
එවැනි තත්වයක් තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස තාවකාලිකව පත්කිරීමට යන මහාචාර්ය සිසිර සිරිබද්දන, රාජ්‍ය අමාත්‍යවරයාගේ ආචාර්ය උපාධි නිබන්දනය සැකසීමට උදව්කල අයකු ලෙස සැලකේ.
 
 dfdf1

dfdf2

dfdf3

 
dgfsdg
 
මෙසේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස මහාචාර්ය සිසිර සිරිබද්දන පත්කරනු ලබන්නේද සති කිහිපයකට පමණක් බව පැවසේ.
 
sdfaඑම තනතුර බාර ගැනීම සඳහා නොපමාව ම ලංකාවට එන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ සමීප හිතවතකු වන කනිෂ්ඨ වෛද්‍යවරයකු වන රසිත විජේවන්ත නමැත්තකුට මේවනවිටත් දැනුම්දී ඇති වාර්තාවේ. රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේවනවිටත් ඔහුගේ නම අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුලත්කර ඇත.
 
මහාචාර්ය අසිත ද සිල්වා වැනි විශේෂඥ වෛදවරුන් අතරේ කනිෂ්ඨයකු වන මහාචාර්ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, තමාටත් වඩා කනිෂ්ඨ වෛද්‍යවරයකු මෙසේ සභාපති ධුරයට පත්කරගැනීමට යන්නේ, තමන්ට සෑම අතින්ම මෙහෙයවියහැකි අයකු පත්කරගැනීමට ඇති උවමනාවටදැයි අමාත්‍යංශයේ සේවකයින් ප්‍රශ්න කරයි.
 
'වියත්මග' ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය චන්න ජයසුමන එවැනි හීනමානයකින් පෙළෙමින් මෙසේ කටයුතු කිරීම තුළ රෝගීන් බරපතල අවධානමකට ලක්කරන බවට චෝදනා එල්ලවෙමින් තිබේ.
 
රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. 
 
අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන, සායනික අත්හදා බැලීම් සහ සුවඳ විලවුන් නියාමනය කරයි. 
 
ඖෂධීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ව සහතික කිරීමේ රසායනාගාරය (NMQAL) ද ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ.
 
 

 

 


 

 
 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

තරුණ තරුණියන් මේ ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතාත් මේ සටනට එයි - CBK

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්